තායිලන්තය වසර 9 කට පසුව නැවතත් මරණ දඩුවම ක්‍රියාත්මක කර තිබේ. ඒ අනුව ඔවුන්ගේ ප්‍රථම මරණ දඩුවම පසුගිය ජුනි 18 දින ක්‍රියාත්මක කර තිබේ. තායිලන්තයේ අවසන් වරට මරණ දඩුවමක් ලබා දී ඇත්තේ 2009 වසරේදීය.     මෙවර ඔවුන් මරණ දඩුවම ලබා දී ඇත්තේ 26 හැවිරිදි තීරාසක් ලෝන්ග්ජි නම් පුද්ගලයෙකුටය.ඔහුව මරණයට පත් කලේ සිරුරට උග්‍ර විෂක් ඇතුලත් කිරීමෙනි. 2012 වසරේදී 17 හැවිරිදි දරුවෙකු මරා දැමීම ඔහුට එරෙහිව එල්ල වූ චෝදනාව විය. ඒ අනුව තායිලන්තයේ බැංකොක් අගනුවරට උතුරින් පිහිටා ඇති බැන්ග් ක්වාන්ග් මධ්‍යම බන්ධනාගාරයේදී මෙම මරණ දඩුවම ක්‍රියාත්මක කර තිබේ.     විෂ ශරීර ගත කිරීම මගින් මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම එරට නීතිගත කෙරුනේ 2003 වසරේදීය. එදා සිට මේ දක්වා වැරදිකරුවන් හය දෙනෙකුට මරණ දඩුවම ලබා දී තිබේ.     කෙසේ වුවද තායිලන්තයේ මෙලෙස යලිත් මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම ඉතාමත් අනුවණ ක්‍රියාවක් බව ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය පවසා තිබේ. ඔවුන් පවසන්නේ මෙලෙස මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම ජනතාවගේ ජීවත්වීම සදහා ඇති අයිතිය දැඩි ලෙස උල්ලංඝනය කිරීමක් බවයි.  
        කොලොම්බියාවේ නව ජනපති ලෙස කොන්සවේටිව් පක්ෂයේ ඉවාන් ඩුක් පත්වී තිබේ. මෙම ජනාධිපතිවරණය පැවැත්වුයේ පසුගිය ඉරිදායි. මෙහිදී ඉවාන් 53%ක ජන්ද ප්‍රතිශතයක් ලබා ගෙන තිබේ.ඔහුගේ ප්‍රතිවාදියා වන ගුස්ටාව් පෙට්රෝ ලබා ගැනීමට හැකි වුයේ 41%ක ජන්ද ප්‍රතිශතයක් පමණි.   මෙම ජනාධිපතිවරණයේ පළමු වටය මැයි 27 වනදා පැවති අතර එහිදී කිසිදු අපේක්ෂකයෙක් බහුතරය දිනා ගැනීමට අසමත් වීම මත මෙලෙස දෙවන වටයේ ජන්ද විමසීමක් පැවැත්වීය.     ඉවාන් ගේ මෙම ජයග්‍රහණයත් සමග එරට ෆාක් ගරිල්ලන් සමග ක්‍රියාත්මක කර තිබු සටන් විරාමය අවධානමට ලක් වී තිබෙන බව පැවසේ. කන්සර්වේටිව් පක්ෂය මෙම ගරිල්ලා ව්‍යාපාරයට විරුද්ධව කටයුතු කරන අතර ඔවුන් පවසන්නේ මෙම ව්‍යාපාරය වසර 50ක් තිස්සේ සිදුකල අපරාධ වලට දඩුවම් පැමිණවිය යුතු බවයි.     මේ නිසා ඉවාන් වෙත ජන්දය ලබා දුන් බහුතරය මෙම ගැටුම් හේතුවෙන් සිය පවුල් වල සාමාජිකයින් අහිමි වුවන් බව පැවසේ.