Skip to main content

Buy now

කොලොම්බියාවේ නව ජනපති ලෙස ඉවාන් ඩුක් පත්වේ.




කොලොම්බියාවේ නව ජනපති ලෙස කොන්සවේටිව් පක්ෂයේ ඉවාන් ඩුක් පත්වී තිබේ. මෙම ජනාධිපතිවරණය පැවැත්වුයේ පසුගිය ඉරිදායි. මෙහිදී ඉවාන් 53%ක ජන්ද ප්‍රතිශතයක් ලබා ගෙන තිබේ.ඔහුගේ ප්‍රතිවාදියා වන ගුස්ටාව් පෙට්රෝ ලබා ගැනීමට හැකි වුයේ 41%ක ජන්ද ප්‍රතිශතයක් පමණි.
මෙම ජනාධිපතිවරණයේ පළමු වටය මැයි 27 වනදා පැවති අතර එහිදී කිසිදු අපේක්ෂකයෙක් බහුතරය දිනා ගැනීමට අසමත් වීම මත මෙලෙස දෙවන වටයේ ජන්ද විමසීමක් පැවැත්වීය.

ඉවාන් ගේ මෙම ජයග්‍රහණයත් සමග එරට ෆාක් ගරිල්ලන් සමග ක්‍රියාත්මක කර තිබු සටන් විරාමය අවධානමට ලක් වී තිබෙන බව පැවසේ. කන්සර්වේටිව් පක්ෂය මෙම ගරිල්ලා ව්‍යාපාරයට විරුද්ධව කටයුතු කරන අතර ඔවුන් පවසන්නේ මෙම ව්‍යාපාරය වසර 50ක් තිස්සේ සිදුකල අපරාධ වලට දඩුවම් පැමිණවිය යුතු බවයි.

මේ නිසා ඉවාන් වෙත ජන්දය ලබා දුන් බහුතරය මෙම ගැටුම් හේතුවෙන් සිය පවුල් වල සාමාජිකයින් අහිමි වුවන් බව පැවසේ.

Comments