Skip to main content

Buy now

19 වන ව්‍යවස්ථා සංශෝධනය සරලව


19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මතවීම මෑතකාලීනව  ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන බොහෝ පිරිසකගේ ප්‍රසාදයට ලක් විය. මෙම 19 වන ව්‍යවස්ථා සංශෝදනය තුලින් වෙනස් වුයේ කුමන කරුණුද යන්න සොයා බැලීම වැදගත්ය.
19 වන සංශෝදනය මගින් සිදු වූ පළමු සංශෝධනය වුයේ දැනට තිබෙන මුලික පරිච්ජේදයේ භාෂණයේ අයිතිය, රැස්වීමේ අයිතිය වැනි පුරවැසි අයිතිවසිකම් දක්වා තිබෙන 14 වන වගන්තියට 14A වගන්තිය ඇතුලත් කිරීම.එහිදී තොරතුරු දැනගැනීමේ අයිතිය  මූලික පුරවැසි අයිතියක් වශයෙන් පිළිගැනීම සිදු කර තිබේ.
 මෙතෙක් ක්‍රියාත්මක වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30 (1) සහ 30 (2) වගන්තිවලින්  විධායක ජනාධිපතිවරයාට හැඳන්වීම සහ ඔහු ධුරය වරකට 06  වසරක් දැරිය යුතුයි කියන ප්‍රතිපාදනය ඉදරිපත් කර තිබීම සිදු කර තිබුණි.19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් මෙතෙක් තිබු ව්‍යවස්ථාවේ 30 වගන්තිය සම්පුර්ණයෙන්ම ඉවත් කර තිබේ.ඒ වෙනුවට  නව වගන්තියක් ඇතුලත් කරයි. මෙතෙක් තිබු ව්‍යස්ථාවේ ජනරජයේ ජනාධිපතිවරයා වසර 06 ක් ධුරය දැරිය යුතුය යන්න වසර 05 දක්වා අඩු කරයි. එහිදී මෙතෙක් තිබු ජනාධිපතිවරයා රාජ්‍යයේ.විධායකයේ, ආණ්ඩුවේ ප්‍රධානියාය,ඔහු ලංකා සන්නද්ධ සේවාවේ උත්තරීතර අණදෙන්නාය යන වගන්ති සංශෝදනය නොවේ.
1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මුල්ම වතාවට භාවිතයට ගත් අවස්ථාවේ එහි 31 වගන්තියේ සඳහන් වුනා ධූරය දරණ ජනාධිපතිවරයාගේ ධූර කාලය ඉක්මවා යාමට මාසයක් තුල සිට සහ ඉක්මවා යාමෙන් පසුව මාස 02 ක් ගතවීමට පෙර නව ජනාධිපතිවරයෙකු තෝරාගැනීමට ජනාධිපතිවරණයක් පැවැත්විය යුතු බව. නමුත් ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන අාණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 03 වැනි සංශෝධනය ගෙනල්ලා ඒ හරහා වගන්ති අංක 31(3)ව්‍යවස්ථාවට එක් කරනවා. මෙයින් ධූරය දරණ ජනාධිපතිවරයෙකුට අවශ්‍ය නම් තමන් පළමු ධූර කාලයට පත්වීමෙන් වසර 04 ක් අවසන් වුනාට පස්සේ ජනාධිපතිවරණයක් කැඳවීමේ බලය  ලබා දුන්නා.
නමුත් 18 වැනි සංශෝධනය හරහා ව්‍යවස්ථාවේ තිබුන 31(2) වගන්තිය  - ඕනෑම පුද්ගලයෙකුට ජනාධිපතිධූරය දැරිය හැක්කේ දෙවරකට නොවැඩි වාර ගණනකට විතරයි කියන වගන්තිය සම්පූර්ණයෙන්ම  ව්‍යවස්ථාවෙන් අයින් කරනවා. ඊටත් පස්සේ පළමු ධූරකාලය දරණ ජනාධිපතිවරයෙකුට වසර 04 ක් අවසානයේ ජනාධිපතිවරණයක් කැඳවිය හැක කියන 31(3)වගන්තිය ඕනෑම ධූර කාලයක වසර 04 ක් අවසානයේ ජනාධිපතිවරණයක් කැඳවිය හැක කියලා වෙනස් කරනවා. නමුත් 19 වන සංශෝධනය මගින් 18 වන සංශෝධනයෙන් ඉවත් කල 31(2) වගන්තිය නැවතත් ව්‍යවස්ථාවට ඇතුලත් කරනවා. එමෙන්ම පළමු ධුර කාලය දරන ජනාධිපතිවරයෙකුට වසර 04 ක් අවසානයේ නැවත ජනාධිපතිවරණයක් කැදවිය හැකිය යන වගන්තිය නැවතත් ව්‍යවස්ථාවට ඇතුලත් කරයි.
. 19 වැනි සංශෝධනයේ 05 වන වගන්තියෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 වගන්තිය ඉවත් කරලා ඒ වෙනුවට ඉවත් කෙරෙන වගන්තියට බොහෝ දුරට සමාන නව වගන්තියක් ඇතුලත් කෙරෙනවා.ව්‍යවස්ථාවේ 33 වන වගන්තිය වෙන්නේ ජනාධිපතිවරයාගේ බලතල සහ කාර්යයන් පිළිබඳ අර්ථ දැක්වීම. 19 වන සංශෝධනයෙන් මෙම වගන්තියට උප වගන්ති 03 ක් අැතුලත් කරනවා. එයින් 33(01) උප වගන්තියෙන් කියන්නේ ජනාධිපතිවරයා ජාතික සමගියේ සංකේතය වශයෙන් සලකන බව.
33(2) උප වගන්තිය ව්‍යවස්ථාව ආරක්ෂාකර පවත්වාගෙන යාමආගමික සහ වාර්ගික සහජීවනය අාරක්ෂාකර පවත්වාගෙන යාමජාතික ප්‍රතිසංධානය සහ ඒකාග්‍රතාවය වැඩිදියුණු කිරීමසංශෝදනයේ ඉදිරි වගන්තිවලින් යෝජනා කරන ව්‍යවස්ථාදායක සභාව නිසි පරිද ක්‍රියාත්මකවන බව සහතික කිරීමමැතිවරණ කොමිෂන් උපදෙස්වලට අනුව නිදහස් සහ සාධාරණ මැතිවරණ පැවැත්වීම සඳහා අවශ්‍ය වාතාවරණය ගොඩනැගීම කියන කාර්යයන් ජනාධිපතිවරයා විෂයෙහි ඇති කරනවා. දැනට පවතින ව්‍යවස්ථාවෙ 33 වගන්තියෙන් ජනාධිපතිවරයාට බලතල සහ කාර්යයන් 07 ක් පැවරී තිබෙනවා. ඒ
 පාර්ලිමේන්තු සැසිවාර විවෘත කරමින් ආණ්ඩුවේ  ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම
 පාර්ලිමෙන්තුවේ උත්සවාකාර අවස්ථාවන්හි ප්‍රධානත්වය දැරීම
තානාපති සේවා නිලධාරීන් පත්කිරීම සහ විදේශ ධූතයන් පිලිගැනීම
ජනාධිපති නීතීඥවරුන් පත්කිරීම
රාජ්‍ය මුද්‍රාව ලග තබා ගැනීම සහ භාවිතය
යුද්ධය සහ සාමය තීරණය කිරීම සහ වෙනත් චාරිත්‍රානුකූල කටයුතු වශයෙන්.
 19 වන ව්‍යවස්ථාවේ 33(3) උප වගන්තිය මගින් මෙම ලැයිස්තුවට  තවත් එක් කාර්යයක් එක කර තිබේ.ඒ පාර්ලිමේන්තුව කැදවීම, කල් තැබීම හා විසුරුවා හැරීම වශයෙන්
එමෙන්ම  33(A) වගන්තිය එක් කරමින් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වග කිව යුතු බවට විධිවිධානයක් එක් කරනවා.
මෙතෙක් තිබු ව්‍යවස්ථාවේ 33 වන වගන්තිය වන ජනාධිපතිවරයා යම්කිසි හේතුවක් නිසා ධුරය දැරීමට අසමත් වන අවස්ථාවක අගමැතිවරයා වැඩ බලන ජනාධිපතිවරයා ලෙස පත් වනු ඇත යන්න කතානායක එවැනි අවස්ථාවක වැඩ බලන ජනාධිපතිවරයා බවට පත් වන පරිදි වෙනස් කර තිබේ
 මෙතෙක් තිබු ව්‍යවස්ථාවේ 35 වන වගන්තියෙන් ජනාධිපතිවරයාට විරුද්ධව නඩු පැවරිය නොහැකි බව පවසා තිබේ. එහිදී ජනාධිපතිවරයා විසින් කරනු ලබන කිසිම කාර්යයකට අපරාධ හෝ සිවිල් නඩු කාර්යයක් ආරම්භ කල නොහැකි බව පවසා තිබේ.නමුත් 19 වන සංශෝධනයේ  35(1)  වගන්තිය ව්‍යවස්ථාවට ඇතුලත් කරමින් ජනාධිපතිවරයා විසින් සිය බලතල ක්‍රියාත්මක කිරීමේදී යම් පුද්ගලයෙකුගේ මුලික අයිතිවාසිකම් කඩ වුවහොත් එවැනි අවස්ථාවක මුලික අයිතිවාසිකම් නඩුවක් ශේෂ්ටධිකරණයට ගොනු කල හැකිය යන්න දක්වා තිබේ. මෙහිදී ජනාධිපතිවරයා මානව හිමිකම් නඩුවකට උසාවි ගෙන ඒමක් සිදු නොවේ. මෙහිදී සිදු වන්නේ ජනාධිපතිවරයා කල කිසියම් කාර්යයක් නැවත්වීමට, වෙනස් කිරීමට හෝ එයින් සිදුවන අගතියකට වන්දි ලබා ගැනීමට නීතිපතිවරයා අධිකරණයට කැදවීමට පුරවැසියන්ට හැකි වීමයි. නමුත් කිසිම අවස්ථාවක ජනාධිපතිවරයා විසින් යුද්ධය හෝ සාමය තීරණය කිරීම සම්බන්ධයෙන් මුලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කිරීමේ අවස්ථාව පුරවැසියාට නොලැබේ.
 සංශෝධනයේ 10 වන වගන්තියෙන් VII A පරිච්ජේදය නමින් කොසක් ව්‍යවස්ථාවට අැතුළත් කරනවා. මේක අැත්තටම 18 වන සංශෝධනයෙන් පාර්ලිමේන්තු කවුන්සිලය වශයෙන් ස්ථාපිතවුන අායතනය වෙනුවට නව අායතනයක් පිහිටුවීමක්. අනෙක් අතට 18 වන සංශෝධනයෙන් අහෝසි කරන ලද 17 වන සංශෝධනය ඊටත් වඩා පුලුල් මට්ටමින් යළි ගෙන ඒමක්. මෙහි අරමුණ වුනේ ජනාධිපතිවරයා විසින් කරන පත්කිරීම් සංවරණයට හා තුලනයට ලක් කිරීම සඳහා ව්‍යවස්ථාදායක සභාව නමින් ව්‍යවස්ථාපිත අායතනයක් පිහිටුවීම.
 18 වන සංශෝධනය ප්‍රකාර තත්ත්වය අනුව පාර්ලිමේන්තු කවුන්සිලයේ සංයුතිය වුනේ පුද්ගලයන් 05 ක් - ඒ අග්‍රාමාත්‍යවරයාකතානයකවරයාපාර්ලිමේන්තු විපක්ෂයේ නායකවරයාපාර්ලිමේන්තු මන්ත්‍රීවරු අතරින් අග්‍රාමාත්‍යවරයා විසින් නිර්දේශ කරන මන්ත්‍රීවරයෙක් සහ විපක්ෂ නායකවරයා විසින් නිර්දේශ කරන එවැනිම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්.
 19 වැනි සංශෝධනයෙන් යෝජනා කරනවා සාමජිකයන් 10 කගෙන් යුත් ව්‍යවස්ථාදායක සභාවක් - ඒ අග්‍රාමාත්‍යවරයාකතානයකවරයාවිපක්ෂයේ නායකවරයාජනාධිපති විසින් පත්කරන එක් අයෙක්අගමැති සහ විපක්ෂයේ නායකවරයාගේ නිර්දේශ මත ජනාධිපතිවරයා විසින් පත්කරන පුද්ගලයන් 05 ක්අගමැතිවරයාගේ සහ විපක්ෂයේ නායකවරයාගේ පක්ෂ නොවන පාර්ලිමේන්තුවේ වෙනත් සුලු පක්ෂවල එකඟතාවයෙන් පත්කරන තවත් එක් අයෙක් වශෙයන්.
 කවුන්සිලයේ කාර්යභාරය වෙන්නේ නිශ්චය කරනු ලැබූ ස්වාධීන කොමිෂණ් සභාවල සභාපතිවරුන් සහ සාමාජිකයන් පත්කිරිමඉහළ අධිකරණවල විනිසුරුවරුන් පත්කීරීමඋසස් පරිපාලන නිලධාරීන් පත්කිරීම යන කාර්යවලදි ජනාධිපතිවරයාට නිර්දේශ සැපයීම. විශේෂත්වය මේකයි - 18 වන සංශෝධනය යටතේ පාර්ලිමේන්තු කවුන්සිලයේ කාර්භාරය වුනේ ජනාධිපතිවරයා ඉල්ලා සිටියහොත් පමණක් ඔහු විසින් ස්වාධීන කොමිෂන් සභාවලට කරන පත්කිරීම් සම්බන්ධයෙන් කොමිෂමේ නිරීක්ෂණ ඉදිරිපත් කිරීම. නමුත් 19 වන සංශෝධනය පැහැදිලිවම  කියනවා මේ අායතනයේ නිර්දේශවලට පිටින් ජනාධිපතිවරයාට අදාළ පත්කිරීම් කළ නොහැකි බව.
18 වන සංශෝධනයේ VII A පරිච්ජේදයේ දක්වා තිබුන ස්වාධීන කොමිෂන් සභා සහ තනතුරු නාමාවලියට වඩා යෝජිත සංශෝධනයේ කොමිෂන් සභා සහ තනතුරු නාමාවලිය වෙනස්ව දක්වා අැත.
මැතිවරණ කොමිසම
රාජ්‍ය සේවා කොමිසම
ජාතික පොලිස් කොමිසම
මානව හිමිකම් කොමිසම
අල්ලස් කොමිසම
මුදල් කොමිසම
සීමා නීර්ණයකිරීමේ කොමිසම
මැතිවරණ කොමිසම
රාජ්‍ය සේවා කොමිසම
ජාතික පොලිස් කොමිසම
මානව හිමිකම් කොමිසම
අල්ලස් කොමිසම
මුදල් කොමිසම
සීමා නීර්ණය කිරිමේ කොමිසම
විගණන සේවා කොමිසම
ජාතික ප්‍රසම්පාදන කොමිසම
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම
රාජ්‍ය භාෂා කොමිසම
 මෙතැන විශේෂයෙන් අවධානයට ලක් කළ යුතු සංශෝධනයක් තමයි මේ පරිච්ජේදයේ 41වගන්තියේ 4 වන අනු ව්‍යවස්ථාව. එතැනදි කියවෙනවා ශ්‍රේෂ්ඨාධිකරණයේ අගවිනිසුරු හැර සෙසු විනිසුරුවරු පත්කිරීමත් අභියාචනාධිකරණයේ සභාපති සහ සෙසු විනිසුරුවරු පත්කිරීමත් සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට නිර්දේශ සැපයීමේදී ව්‍යවස්ථාදායක  සභාව විසින් අග්‍රවිනිශ්චයකාරවරයාඅධිකරණ විෂය භාර කැබිනට් අමාත්‍යවරයානීතිපතිවරයා සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපතිවරයා යන අයගේ අදහස් (සංශෝධනයේ භාවිත කර තිබෙන වචනය Views) ලබා ගතයුතුයි කියලා. එය එපමණයි - ඒ අදහස්වලට අනිවාර්යයෙන්ම අනුකූල වියයුතු බවක් හෝ ඉහත නම් සඳහන් කළ පුද්ගලයන් සපයන අදහස් නිර්දේශවල තත්ත්වයෙන් භාරගත යුතුබවක් හෝ සඳහන් නැහැ.
මීලඟ සංශෝධනය අැති වෙන්නේ වර්තමාන ව්‍යවස්ථාවේ VIII වන පරිච්ජේදය වන විධායකය - අමාත්‍ය  මණ්ඩලය කියන කොටසට. මේ පරිච්ජේදයේ දැනට පවතින විධිවිධානවල 43(2) අනුවගන්තියෙන් කියවෙනවා "ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයෙක්දඅමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියාද වන්නේය" කියලා. නමුත් යෝජිත සංශෝධනයේ 42(3) අනු වගන්තිය මේ තත්ත්වය වෙනස් කරමින් කියනවා කැබිනට් මණ්ඩලයේ ප්‍රධානත්වය අග්‍රාමාත්‍යවරයා විසින් දරණ බව.
නව සංශෝධනය ප්‍රකාරව කැබිනට් මණ්ඩලයේ සංයුතිය සහ අමාත්‍යවරුන්ට පැවරෙන විෂය පථයන් තීරණය කිරීමත්අමාත්‍යධූරවලට පත්වන්නේ කවුද කියන එක තීරණය කිරීමත් සම්බන්ධයෙන් මෙතෙක් ජනාධිපතිවරයාට තිබුන බලය ඔහුගෙන් ඉවත් කර අග්‍රාමාත්‍යවරයා වෙත පැවරෙනවා. අමාත්‍ය මණ්ඩලය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට පැවෙරන එකම වගකීම අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත මුලුමනින්ම රඳා පවතිමින් කැබිනට් මණ්ඩලය පත්කිරීමත් අගමැතිවරයා ඉල්ලා සිටින විටෙක එහි සංයුතිය වෙනස් කිරීමත් පමණයි. මින් ඉදිරියට පත්වන ජනාධිපතිවරුන්ට කැබිනට් අමාත්‍යංශ තමා යටතේ තබා ගැනීමත් කළ නොහැකියි. දැනට ධූරය දරණ ජනාධිපතිවරයාට පමණක් අමාත්‍ය ධූර තබාගත හැකි බව සඳහන් ඔහුගේ ධූර කාලයට පමණක් වලංගු අන්තර්වාර ප්‍රතිපාදනයක්  සංශෝධනයට අැතුලත් වෙලා තිබෙනවා.
 නමුත් සංශෝධනය විසින් ව්‍යවස්ථාගතකිරීමට යෝජිත 50(1)51(1) සහ 52(1) අනුවගන්ති විසින් දක්වා සිටින අාකාරයට  පිළිවෙලින් කැබිනට් ලේකම්වරයාඅග්‍රාමාත්‍ය ලේකම්වරයා සහ අමාත්‍යංශ ලේකම්වරු පත්කිරීම ජනාධිපතිවරයා විසින් සිදුකළ යුතුයි. මෙතැනදි ජනාධිපතිවරයා අගමැතිවරයාගේ උපදෙස් මත කටයුතු කළ යුතුයැයි සඳහනක් නැහැ. ඒ වගේම මේ පත්කිරීම් සම්බන්ධයෙන් ව්‍යවස්ථාදායක සභාවේ අදාළත්වයකුත් නැහැ.
 තවත් කාරණයක් තමයි බොහෝ දෙනා බලාපොරාත්තුවුන කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන් ගණන නිශ්චිත සංඛ්‍යාවකට සීමා කිරීම මෙ සංශෝධනයෙන් යෝජනාවෙලාත් නැහැ.
 19 වන සංශෝධනයේ ඊලග වැදගත්ම සංශෝධනය පවතින ව්‍යවස්ථාවේ 62 වගන්තිය ඉවත් කර ඒ වෙනුවට වෙනත් වගන්තියක් අැතුලත් කිරීම. දැනට පවතින 62 වන වගන්තියෙන් කියවෙනවා පාර්ලිමේන්තුව කලින් විසුරුවා හරිනු නොලැබුවහොත් වසර 06 ක් දක්වා ක්‍රියාත්මක විය යුතුබව. නව සංශෝධනයෙන් මෙය වසර 05 ක් දක්වා අඩු කෙරනවා.
 මෙතෙක් තිබු ව්‍යවස්ථාවේ 70 වන වගන්තියෙන් කියවෙනවා මහ මැතිවරණයකින් අනතුරුව පත්වන නව පාර්ලිමේන්තුවක් වසරක් සම්පූර්ණ කිරීමෙන් අනතුරුව විසුරුවා හරින්නට ජනාධිපතිවරයාට හැකි බව. 19 වන සංශෝධණයෙන් මෙම  70 වගන්තියය 70(1) නමින් අනු වගන්තියක් අැතුලත් කරනවා - ඒ අනු වගන්තියට අනුව නව පාර්ලිමේන්තුවක් පත්ව වසර 04 ක් සහ මාස 06 ක් ගතවන තෙක් එය විසුරුවා හරින්නට ජනාධිපතිවරයාට බලය නැහැ. නමුත් පාර්ලිමේන්තුව විසින්ම සාමාජිකයන් 2/3 ක බහුතර අනුමැතියකින් සම්මත කරගන්නා යෝජනාවකින් පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියහොත් ඒ අවස්ථාවේ ඉහත කාල සීමාවේ බලපෑමකින් තොරව පාර්ලිමේන්තුව විසුරුවා හරින්න ජනාධිපතිවරයාට බලය තිබෙනවා.
 ජනාධිපතිවරයා වශයෙන් තෝරා පත්කරගනු ලැබීමට යම් පුද්ගලයෙකු නුසුදුස්සෙකු වන අවස්ථා කිහිපයක් පවතින ව්‍යවස්ථාවේ 92 වගන්තියේ සඳහන් වෙලා තිබෙනවා.
ජනාධිපතිධූරය සඳහා තේරී පත්විය හැක්කේ වයස අවුරුදු 30 සම්පූර්ණ කළ අයෙකුට බව මෙහි දැනට සඳහන්. මින් පෙර දෙවරක් ජනාධිපතිධූරය දරපු  අයෙක් නැවත එම ධූරයට තේරී පත්වීමට නුසුදුස්සෙකු වන බව අාරම්භයේදී සඳහන් වුනත් 18 වන සංශෝධනයෙන් එය ඉවත් කෙරෙනවා.
  19 වැනි සංශෝධණය 92(1) උප වගන්තිය අැතුළත් කිරීම හරහා ජනාධිපතිධූරය සඳහා සුදුස්සෙකුවීමේ වයස් සීමාව 30 සිට 35 දක්වා ඉහළ නංවනවා. ඒ වගේම දෙවරක් ජනාධිපතිධූරය දරණු ලැබූවෙකු නැවත එම ධූරය දැරීම සඳහා නුසුදුස්සෙකුවේ කියන විධිවිධානය නැවත ව්‍යවස්ථාවට අැතුළත් කරන්නත් එයින් ප්‍රතිපාදන සලසනවා.
. 19 වන සංශෝධනය එහි වගන්ති අංක 24 න් යෝජනා කරනවා අාණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99 වැනි ව්‍යවස්ථාවට 14 වැනි උප වගන්තියක් ඒකතු කිරීමට.
 මේ නව උප වගන්තියෙන් කියවෙන්නේ සරලව දැක්වුවොත් මෙහෙමයි - පිළිගත් දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් විසින් තම සාමාජිකයෙකුට හෝ තම පක්ෂය/කණ්ඩායම නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පත්වූ පුද්ගලයෙකු සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ගයක් ගැනීමේදි හෝ එවැන්නක් සැලසුම් කිරීමේදී එකී විනය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් විමසීමට,  ඒ සම්බන්ධයෙන් රීට් අාඥාවක්අතුරු තහනම් නියෝගයක්වාරණ නියෝගයක් පැනවීම හෝ වෙනත් කිසිඳු අාකාරයක සහනයක්තහනමක්වාරණයක් පැනවීමට කිසිඳු අධිකරණයකට බලය නොමැත.
 ශ්‍රී ලංකා අාණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දැනට තිබෙන 19 (XIX) වන පරිච්ජේදයට (ඔම්බුඩ්ස්මන්වරයා පිළිබඳ පරිච්ජේදයට) XIX A සහ XIX B වශයෙන් නව පරිච්ජේද දෙකක් අැතුළත් කරන්නට 19 වන සංශෝධනය කටයුතු කරනවා. මේ පරිච්ජේද දෙකෙන් පළමුවැනි පරිච්ජේදය අල්ලස් හෝ දූෂණ විමර්ශනය  සඳහා වන කොමිෂම අාණ්ඩුක්‍රම ව්‍යවස්ථාපිත අායතනයක් බවට පත් කරමින් ඒ පිළිබඳ අවශ්‍යවන විධිවිධාන ව්‍යවස්ථාවට අැතුළත් කරනවා. පරිච්ජේදය විසින් ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව නමින් නව ස්වාධීන කොමිෂන් සභාවක් පිහිටුවන්නත් ඒ අාශ්‍රීත විධිවිධාන සලසන්නත් වෙන්ව තිබෙනවා. සියලුම අාකරයේ රාජ්‍ය අායතන විසින් භාණ්ඩ සහ සේවා සඳහා ලන්සු කැඳවීමේදී සාධාරණඅපක්ෂපාතීවිනිවිදභාවයෙන් යුත්තරඟකාරී සහ ලාබදායි ක්‍රියාවලියක් අනුගමනය කරන බව සහතික කරලීම තමයි මේ නව කොමිසමේ කාර්යභාරය වශයෙන් දැක්වෙන්නෙ.
           

Comments

Popular posts from this blog

සිංහල භාෂාව රාජ්‍ය භාෂාව බවට පත් කිරීමේ ඉතිහාසය

සිංහලය රාජ්‍ය භාෂාව කිරීමට මූලික හේතුව වූයේ එස්‌. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්‌ඩාරනායක මහතා බලයට පත්වීමයි. 1952 වසරේදී ආසන 54 දිනා බලයට පත් එක්‌සත් ජාතික පක්‍ෂ රජය තම නිල කාලයම බලයේ නොසිටියේය. ආර්ථිකයේ අර්බුදකාරී තත්ත්වයත් රබර් වැනි අපනයන ද්‍රව්‍යවල මිල පහළ වැටීමත් ගෙවුම් ශේෂ හිඟය ඉහළ යැමත් සහනාධාර කපා හැරීමට රජයට සිදුවීම නිසා රජයේ ජනප්‍රියත්වය පිරිෙ හන්නට විය. වර්ෂ 1953 දී හර්තාලය ඇතිවූ අතර පොලිස්‌ හා හමුදා වෙඩි පහරින් 9 දෙනෙකු මිය යැම නිසා කලකිරුණු ඩඩ්ලි සේනානායක මහතා අගමැති ධුරයෙන් ඉල්ලා අස්‌විය. ඉන්පසු අගමැති ධුරයට පත්වූයේ සර් ලයනල් ජෝන් කොතලාවල මහතායි.   සර් ජෝන් කොතලාවල මහතාටද විරෝධතා පැවැති අතර තමාට ලැබුණු අගමැති තනතුර ජනතා කැමැත්ත මත ලබා ගැනීමේ අරමුණෙන් නිල කාලය අවසන් වීමටත් පෙර මැතිවරණයකට යැමට අදහස්‌ කරමින් 1957 පැවැත්විය යුතු මහ මැතිවරණය 1956 දී පැවැත්වීමට තීරණය කළේය. ඒ අනුව 1956 පෙබරවාරි 18 දින පාර්ලිමේන්තුව විසුරුවා හැරියේය. මෙහිදී කොතලාවල මහතාගේ අරමුණ වූයේ විපක්‍ෂය නොසිතූ මොහොතක රජය විසුරුවා හැර නැවත බලයට පත්වීම වුවත් එවකට ජන ප්‍රසාදය දිනා සිටි බණ්‌ඩාරනායක මහතා න...

අධ්‍යාපනය සම්බන්ධ සාමාන්‍ය දැනීම

  සාර්ක් විශ්ව විද්‍යාලය පිහිටි රට -ඉන්දියාව ශ්‍රී ලංකාවේ බෞද්ධ අධ්‍යාපනයට විශාල මෙහෙවරක් කල ඇමරිකානු ජාතික කාන්තාව - මාරි මියුසියස් ශ්‍රී ලංකාවේ ප්‍රථම පිරිවෙන - රත්මලානේ පරම ධම්ම චේතිය පිරිවෙන ශ්‍රී ලංකාවේ මුල්ම මධ්‍ය මහා විද්‍යාලය- මතුගම මධ්‍ය මහා විද්‍යාලය දේශීය විභාග ක්‍රමය ආරම්භ කල වර්ෂය- 1862 ටොරෙන්ටෝ විශ්ව විද්‍යාලය පිහිටා ඇත්තේ කුමන රටේද? කැනඩාව ශ්‍රී ලංකාවේ ප්‍රථම විදුහල්පතිනිය - අනුලා මැණිකේ උදලාගම මහත්මිය ශ්‍රී ලංකාවේ ප්‍රථම අධ්‍යාපන අමාත්‍යවරයා - C.W.W.කන්නංගර මහතා ළමා අධ්‍යාපනයේ පියා - ෆෙඩ්රික් නුගවෙල කොන්ගෝ රාජ්‍යයේ හිටපු අගමැතිවරයෙකු සිහිවීමට රුසියාවේ පිහිටවූ විශ්ව විද්‍යාලය කුමක්ද? ලුමුම්බා විශ්ව විද්‍යාලය විකිලීක්ස් වෙබ් අඩවියේ නිර්මාතෘ - ජුලියන් අසන්ජ් ගාල්ලේ පරම විද්‍යානාර්ථ සමාගම පිහිටුවීමට මුලිකත්වය ගත්තේ කවුද? හෙන්රි ස්ටීල් ඕල්කට් තුමා ගුරුවරුන් ඇගයීමට ලක් කරන සම්මාන උළෙල- ගුරු ප්‍රතිභා     පාසල් ළමයින්ට දිවා ආහාරය ලබා දීම ආරම්භ කල වර්ෂය - 1950 අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය තහවරු කල ලෝක සම්මුතිය කුමක්ද? 1...

සාමාන්‍ය දැනීම ප්‍රශ්න හා පිළිතුරු 50

1.         . රජයේ ලියාපදිංචි කල මුල්ම පුවත්පත කුමක්ද ? ලක්මිණි පහණ “ ඒඩ්ස් ” රෝගය මුලින්ම සොයා ගත් වර්ෂය කුමක්ද ? 1981                       ජාත්‍යන්තර පොලිසියේ ප්‍රධාන කාර්යාලය පිහිටියේ කොහේද? ප්‍රංශයේ   කොළඹ-කටුනායක අධිවේගී මාර්ගයේ ඉදි කිරීම් කටයුතු සිදු කල සමාගම කුමක්ද? චීනයේ මැටලොජිකල් සමාගම   ලොව ප්‍රථම න්‍යෂ්ටික බලාගාරය පිහිටවුයේ කුමන රටේද? රුසියාව   ලෝක තරුණ සමුළුව මුලින්ම ඇරඹූයේ කුමන රටේද? මහා බ්‍රිතාන්‍යය   ප්‍රථම වරට නයිට් නාමයකින් ගෞරව ලැබූ ක්‍රිකට් ක්‍රීඩකයා කවුද? ඩොන් බ්‍රඩ්මින් F.B.I. ඔත්තු සේවය පවත්වාගෙන යන්නේ කිනම් රටකද ? ඇමරිකා එක්සත් ජනපදය සම්පුර්ණ චිත්‍රපටියම පරිගණක චිත්‍ර මගින් සැකසුනු ප්‍රථම හොලිවුඩ් චිත්‍රපටිය කුමක්ද? පයිනල් පැන්ටසි රුධිර කාණ්ඩකරණය ලොවට හදුන්වා දුන්නේ  කවුද? ඔස්ට්‍රියා වෛද්‍ය කාල් ලෑන්ඩ්ස් ශ්‍රී ලංකාවේ විවෘත විශ්ව විද්‍යාලය ආරම්භ කල වර්ෂය - 1980  ලොව විශාලතම මුස්ලිම් දේවස්ථානය පිහිටියේ කොහිද? ඉන්දියාවේ ජුමා මස්ජිඩ් ...