රජයේ සියළුම තරග විභාග සදහා උපකාරක සමූහයකි.
     සිංහලය රාජ්‍ය භාෂාව කිරීමට මූලික හේතුව වූයේ එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්‌ඩාරනායක මහතා බලයට පත්වීමයි. 1952 වසරේදී ආසන 54 දිනා බලයට පත් එක්‌සත් ජාතික පක්‍ෂ රජය තම නිල කාලයම බලයේ නොසිටියේය. ආර්ථිකයේ අර්බුදකාරී තත්ත්වයත් රබර් වැනි අපනයන ද්‍රව්‍යවල මිල පහළ වැටීමත් ගෙවුම් ශේෂ හිඟය ඉහළ යැමත් සහනාධාර කපා හැරීමට රජයට සිදුවීම නිසා රජයේ ජනප්‍රියත්වය පිරිෙ හන්නට විය. වර්ෂ 1953 දී හර්තාලය ඇතිවූ අතර පොලිස් හා හමුදා වෙඩි පහරින් 9 දෙනෙකු මිය යැම නිසා කලකිරුණු ඩඩ්ලි සේනානායක මහතා අගමැති ධුරයෙන් ඉල්ලා අස්‌විය. ඉන්පසු අගමැති ධුරයට පත්වූයේ සර් ලයනල් ජෝන් කොතලාවල මහතායි.     සර් ජෝන් කොතලාවල මහතාටද විරෝධතා පැවැති අතර තමාට ලැබුණු අගමැති තනතුර ජනතා කැමැත්ත මත ලබා ගැනීමේ අරමුණෙන් නිල කාලය අවසන් වීමටත් පෙර මැතිවරණයකට යැමට අදහස් කරමින් 1957 පැවැත්විය යුතු මහ මැතිවරණය 1956 දී පැවැත්වීමට තීරණය කළේය. ඒ අනුව 1956 පෙබරවාරි 18 දින පාර්ලිමේන්තුව විසුරුවා හැරියේය.       මෙහිදී කොතලාවල මහතාගේ අරමුණ වූයේ විපක්‍ෂය නොසිතූ මොහොතක රජය විසුරුවා හැර නැවත බලයට පත්වීම වුවත් එවකට ජන ප්‍රසාදය දිනා සිටි බණ්‌ඩාරනායක මහතා න...
Comments
Post a Comment