Skip to main content

Buy now

විශ්වාසභංගයෙන් පැරදුණු ස්පාඤ්ඤ අගමැති


පසුගිය ජුනි 1 වන දින විශ්වාසභංගය පිළිබද ස්පාඤ්ඤයේ පාර්ලිමේන්තුව තුල පැවති ජන්ද විමසීමෙන් අගමැති මරියානෝ රජෝයි පරාජයට පත් විය. ඒ අනුව මෑත ඉතිහාසය තුල ස්පාඤ්ඤයේ විශ්වාසභංගයකින් පරාජයට පත් වූ පළමු අගමැතිවරයා ලෙස රයෝයි ඉතිහාසයට එක් වෙයි.
මෙලෙස මරියානෝ රයෝයිට එරෙහිව විශ්වාසභංගයක් ඉදිරිපත් වුයේ ඔහු නායකත්වය දැරූ මහජන පක්ෂය සම්බන්ධයෙන් දුෂණ චෝදනා මතුවීමයි. විශාල වශයෙන් අල්ලස් ලබා ගැනීම, හිතවත් පාර්ශව වෙත රජයේ කොන්ත්‍රාත් ලබා දීම ආදී චෝදනා කලක සිටම මෙම පක්ෂයට එල්ල විය. මෙලෙස දුෂණ චෝදනා එල්ල වෙත්දීත් මෙම ක්‍රියා වැලැක්වීම සදහා රජෝයි නිසි පියවර නොගැනීම මත ඔහුට විශ්වාසභංගයක් ඉදිරිපත් විය. විශ්වාසභංගයට පක්ෂව මන්ත්‍රීවරුන් 180  දෙනෙකු ජන්දය ලබා දුන් අතර විරුද්ධව ලැබුනේ ජන්ද 169කි.
මරියානෝ රජෝයි ස්පාඤ්ඤයේ අගමැති බවට පත් වුයේ 2011 වසරේදීය.මීට පෙරද කිහිප වරක් රයෝයිට අගමැති ධුරයෙන් ඉල්ලා අස්වෙන ලෙස බලපෑම් එල්ල විය. එසේම මීට පෙර ඔහුට විරුද්ධව එක් විශ්වාසභංගයක් ඉදිරිපත් වූ අතර එයින් ජයගැනීමට ඔහුට හැකි විය. නමුත් මෙවර තරුණ නායකයෙකු වන 46 හැවිරිදි පෙද්රෝ සන්චේස් පක්ෂ කිහිපයක් ඒකරාශී කරගනිමින් රජෝයිව පරාජය කිරීමට සමත් විය. විශ්වාසභංගයෙන් පරාජයට පත් වීමෙන් පසු රයිනෝ තමාට එරෙහිව විශ්වාසභංගය ඉදිරිපත් කල පෙද්රෝ සන්චේස්ට අතට අත දී සුභ පැතු අතර ස්පාඤ්ඤයේ අගමැති ලෙස කටයුතු කිරීමට හැකි වීම ගෞරවයක් ලෙස සලකන බවද ,තමා රට බාර ගනිත්දී තිබුනාට වඩා යහපත් රටක් ඉතිරි කර යාමට හැකිවීම පිලිබදව තමා සතුටු වන බවද ඔහු  පාර්ලිමේන්තුව අමතා කිවේය. කෙසේ වුවත් අගමැති ධුරයෙන් සමුගෙන ඔහු පාර්ලිමේන්තුවෙන් පිටවෙත්දී රැස්ව සිටි පිරිස ‘හු’ හඩ නගමින් තම අප්‍රසාදය පල කර තිබේ.
රජෝයිගෙන් පසුව එරට අගමැති ධුරයට පත් වුයේ විශ්වාසභංගය ද ඉදිරිපත් කිරීමට මුල් වූ සමාජවාදී කම්කරු පක්ෂයේ නායක පෙද්රෝ සැන්චේස් ය. දැන් සියලු දෙනාම බලා සිටින්නේ නව අගමැතිවරයා ස්පාඤ්ඤය තුල කුමන වෙනස්කම් සිදුකරයිද යන්නයි.
මේ අතර නව අගමැතිවරයාට මුහුණ දීමට සිදුවන ලොකුම ගැටලුව වන්නේ කැටලෝනියා නිදහස් අරගලයයි.මෙය කාලයක සිටම ඇදෙමින් පවතින ගැටළුවකි. කැටලෝනියාව යනු ස්පාඤ්ඤය සෑදී ඇති ප්‍රාන්ත හා සමාන ඒකක වලින් එකක් වන අතර එය ස්පාඤ්ඤයෙන් වෙන් කර වෙනම රාජ්‍යයක් බවට පත් කිරීම සදහා බෙදුම්වාදී පක්ෂ කිහිපයක් කලක සිට අරගල කරමින් සිටී. නමුත් විශ්වසභාන්ගයෙන් පැරදුනු හිටපු අගමැති රයිනෝ මෙම අරගලය ඉතාමත් දැඩි ලෙස මර්දනය කළේය. මෙම අරගලයට සම්බන්ධ බොහෝ දෙනෙක් මධ්‍යම රජයට එරෙහිව කැරලි ගැසීමේ චෝදනා මත සිරගත කල අතර තවත් පිරිසක් මෙම චෝදනාවෙන් බේරීමට රටින් පලා ගියේය. නමුත් මෙම අරගලය තවමත් ඉදිරියට යයි. දැන් එරට ජනතාව බලා සිටින්නේ නව අගමැති මේ සම්බන්ධයෙන් කවර ආකල්පයකින් ක්‍රියා කරනු ඇත්ද යන්නයි.

Comments

Popular posts from this blog

සිංහල භාෂාව රාජ්‍ය භාෂාව බවට පත් කිරීමේ ඉතිහාසය

සිංහලය රාජ්‍ය භාෂාව කිරීමට මූලික හේතුව වූයේ එස්‌. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්‌ඩාරනායක මහතා බලයට පත්වීමයි. 1952 වසරේදී ආසන 54 දිනා බලයට පත් එක්‌සත් ජාතික පක්‍ෂ රජය තම නිල කාලයම බලයේ නොසිටියේය. ආර්ථිකයේ අර්බුදකාරී තත්ත්වයත් රබර් වැනි අපනයන ද්‍රව්‍යවල මිල පහළ වැටීමත් ගෙවුම් ශේෂ හිඟය ඉහළ යැමත් සහනාධාර කපා හැරීමට රජයට සිදුවීම නිසා රජයේ ජනප්‍රියත්වය පිරිෙ හන්නට විය. වර්ෂ 1953 දී හර්තාලය ඇතිවූ අතර පොලිස්‌ හා හමුදා වෙඩි පහරින් 9 දෙනෙකු මිය යැම නිසා කලකිරුණු ඩඩ්ලි සේනානායක මහතා අගමැති ධුරයෙන් ඉල්ලා අස්‌විය. ඉන්පසු අගමැති ධුරයට පත්වූයේ සර් ලයනල් ජෝන් කොතලාවල මහතායි.   සර් ජෝන් කොතලාවල මහතාටද විරෝධතා පැවැති අතර තමාට ලැබුණු අගමැති තනතුර ජනතා කැමැත්ත මත ලබා ගැනීමේ අරමුණෙන් නිල කාලය අවසන් වීමටත් පෙර මැතිවරණයකට යැමට අදහස්‌ කරමින් 1957 පැවැත්විය යුතු මහ මැතිවරණය 1956 දී පැවැත්වීමට තීරණය කළේය. ඒ අනුව 1956 පෙබරවාරි 18 දින පාර්ලිමේන්තුව විසුරුවා හැරියේය. මෙහිදී කොතලාවල මහතාගේ අරමුණ වූයේ විපක්‍ෂය නොසිතූ මොහොතක රජය විසුරුවා හැර නැවත බලයට පත්වීම වුවත් එවකට ජන ප්‍රසාදය දිනා සිටි බණ්‌ඩාරනායක මහතා න...

අධ්‍යාපනය සම්බන්ධ සාමාන්‍ය දැනීම

  සාර්ක් විශ්ව විද්‍යාලය පිහිටි රට -ඉන්දියාව ශ්‍රී ලංකාවේ බෞද්ධ අධ්‍යාපනයට විශාල මෙහෙවරක් කල ඇමරිකානු ජාතික කාන්තාව - මාරි මියුසියස් ශ්‍රී ලංකාවේ ප්‍රථම පිරිවෙන - රත්මලානේ පරම ධම්ම චේතිය පිරිවෙන ශ්‍රී ලංකාවේ මුල්ම මධ්‍ය මහා විද්‍යාලය- මතුගම මධ්‍ය මහා විද්‍යාලය දේශීය විභාග ක්‍රමය ආරම්භ කල වර්ෂය- 1862 ටොරෙන්ටෝ විශ්ව විද්‍යාලය පිහිටා ඇත්තේ කුමන රටේද? කැනඩාව ශ්‍රී ලංකාවේ ප්‍රථම විදුහල්පතිනිය - අනුලා මැණිකේ උදලාගම මහත්මිය ශ්‍රී ලංකාවේ ප්‍රථම අධ්‍යාපන අමාත්‍යවරයා - C.W.W.කන්නංගර මහතා ළමා අධ්‍යාපනයේ පියා - ෆෙඩ්රික් නුගවෙල කොන්ගෝ රාජ්‍යයේ හිටපු අගමැතිවරයෙකු සිහිවීමට රුසියාවේ පිහිටවූ විශ්ව විද්‍යාලය කුමක්ද? ලුමුම්බා විශ්ව විද්‍යාලය විකිලීක්ස් වෙබ් අඩවියේ නිර්මාතෘ - ජුලියන් අසන්ජ් ගාල්ලේ පරම විද්‍යානාර්ථ සමාගම පිහිටුවීමට මුලිකත්වය ගත්තේ කවුද? හෙන්රි ස්ටීල් ඕල්කට් තුමා ගුරුවරුන් ඇගයීමට ලක් කරන සම්මාන උළෙල- ගුරු ප්‍රතිභා     පාසල් ළමයින්ට දිවා ආහාරය ලබා දීම ආරම්භ කල වර්ෂය - 1950 අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය තහවරු කල ලෝක සම්මුතිය කුමක්ද? 1...

සාමාන්‍ය දැනීම ප්‍රශ්න හා පිළිතුරු 50

1.         . රජයේ ලියාපදිංචි කල මුල්ම පුවත්පත කුමක්ද ? ලක්මිණි පහණ “ ඒඩ්ස් ” රෝගය මුලින්ම සොයා ගත් වර්ෂය කුමක්ද ? 1981                       ජාත්‍යන්තර පොලිසියේ ප්‍රධාන කාර්යාලය පිහිටියේ කොහේද? ප්‍රංශයේ   කොළඹ-කටුනායක අධිවේගී මාර්ගයේ ඉදි කිරීම් කටයුතු සිදු කල සමාගම කුමක්ද? චීනයේ මැටලොජිකල් සමාගම   ලොව ප්‍රථම න්‍යෂ්ටික බලාගාරය පිහිටවුයේ කුමන රටේද? රුසියාව   ලෝක තරුණ සමුළුව මුලින්ම ඇරඹූයේ කුමන රටේද? මහා බ්‍රිතාන්‍යය   ප්‍රථම වරට නයිට් නාමයකින් ගෞරව ලැබූ ක්‍රිකට් ක්‍රීඩකයා කවුද? ඩොන් බ්‍රඩ්මින් F.B.I. ඔත්තු සේවය පවත්වාගෙන යන්නේ කිනම් රටකද ? ඇමරිකා එක්සත් ජනපදය සම්පුර්ණ චිත්‍රපටියම පරිගණක චිත්‍ර මගින් සැකසුනු ප්‍රථම හොලිවුඩ් චිත්‍රපටිය කුමක්ද? පයිනල් පැන්ටසි රුධිර කාණ්ඩකරණය ලොවට හදුන්වා දුන්නේ  කවුද? ඔස්ට්‍රියා වෛද්‍ය කාල් ලෑන්ඩ්ස් ශ්‍රී ලංකාවේ විවෘත විශ්ව විද්‍යාලය ආරම්භ කල වර්ෂය - 1980  ලොව විශාලතම මුස්ලිම් දේවස්ථානය පිහිටියේ කොහිද? ඉන්දියාවේ ජුමා මස්ජිඩ් ...