Skip to main content

Posts

Showing posts from June, 2018

Buy now

වසර 9 කට පසු තායිලන්තයේ නැවතත් මරණ දඩුවම......

තායිලන්තය වසර 9 කට පසුව නැවතත් මරණ දඩුවම ක්‍රියාත්මක කර තිබේ. ඒ අනුව ඔවුන්ගේ ප්‍රථම මරණ දඩුවම පසුගිය ජුනි 18 දින ක්‍රියාත්මක කර තිබේ. තායිලන්තයේ අවසන් වරට මරණ දඩුවමක් ලබා දී ඇත්තේ 2009 වසරේදීය. මෙවර ඔවුන් මරණ දඩුවම ලබා දී ඇත්තේ 26 හැවිරිදි තීරාසක් ලෝන්ග්ජි නම් පුද්ගලයෙකුටය.ඔහුව මරණයට පත් කලේ සිරුරට උග්‍ර විෂක් ඇතුලත් කිරීමෙනි. 2012 වසරේදී 17 හැවිරිදි දරුවෙකු මරා දැමීම ඔහුට එරෙහිව එල්ල වූ චෝදනාව විය. ඒ අනුව තායිලන්තයේ බැංකොක් අගනුවරට උතුරින් පිහිටා ඇති බැන්ග් ක්වාන්ග් මධ්‍යම බන්ධනාගාරයේදී මෙම මරණ දඩුවම ක්‍රියාත්මක කර තිබේ. විෂ ශරීර ගත කිරීම මගින් මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම එරට නීතිගත කෙරුනේ 2003 වසරේදීය. එදා සිට මේ දක්වා වැරදිකරුවන් හය දෙනෙකුට මරණ දඩුවම ලබා දී තිබේ. කෙසේ වුවද තායිලන්තයේ මෙලෙස යලිත් මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම ඉතාමත් අනුවණ ක්‍රියාවක් බව ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය පවසා තිබේ. ඔවුන් පවසන්නේ මෙලෙස මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම ජනතාවගේ ජීවත්වීම සදහා ඇති අයිතිය දැඩි ලෙස උල්ලංඝනය කිරීමක් බවයි.

කොලොම්බියාවේ නව ජනපති ලෙස ඉවාන් ඩුක් පත්වේ.

කොලොම්බියාවේ නව ජනපති ලෙස කොන්සවේටිව් පක්ෂයේ ඉවාන් ඩුක් පත්වී තිබේ. මෙම ජනාධිපතිවරණය පැවැත්වුයේ පසුගිය ඉරිදායි. මෙහිදී ඉවාන් 53%ක ජන්ද ප්‍රතිශතයක් ලබා ගෙන තිබේ.ඔහුගේ ප්‍රතිවාදියා වන ගුස්ටාව් පෙට්රෝ ලබා ගැනීමට හැකි වුයේ 41%ක ජන්ද ප්‍රතිශතයක් පමණි. මෙම ජනාධිපතිවරණයේ පළමු වටය මැයි 27 වනදා පැවති අතර එහිදී කිසිදු අපේක්ෂකයෙක් බහුතරය දිනා ගැනීමට අසමත් වීම මත මෙලෙස දෙවන වටයේ ජන්ද විමසීමක් පැවැත්වීය. ඉවාන් ගේ මෙම ජයග්‍රහණයත් සමග එරට ෆාක් ගරිල්ලන් සමග ක්‍රියාත්මක කර තිබු සටන් විරාමය අවධානමට ලක් වී තිබෙන බව පැවසේ. කන්සර්වේටිව් පක්ෂය මෙම ගරිල්ලා ව්‍යාපාරයට විරුද්ධව කටයුතු කරන අතර ඔවුන් පවසන්නේ මෙම ව්‍යාපාරය වසර 50ක් තිස්සේ සිදුකල අපරාධ වලට දඩුවම් පැමිණවිය යුතු බවයි. මේ නිසා ඉවාන් වෙත ජන්දය ලබා දුන් බහුතරය මෙම ගැටුම් හේතුවෙන් සිය පවුල් වල සාමාජිකයින් අහිමි වුවන් බව පැවසේ.

සිංහල භාෂාව රාජ්‍ය භාෂාව බවට පත් කිරීමේ ඉතිහාසය

සිංහලය රාජ්‍ය භාෂාව කිරීමට මූලික හේතුව වූයේ එස්‌. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්‌ඩාරනායක මහතා බලයට පත්වීමයි. 1952 වසරේදී ආසන 54 දිනා බලයට පත් එක්‌සත් ජාතික පක්‍ෂ රජය තම නිල කාලයම බලයේ නොසිටියේය. ආර්ථිකයේ අර්බුදකාරී තත්ත්වයත් රබර් වැනි අපනයන ද්‍රව්‍යවල මිල පහළ වැටීමත් ගෙවුම් ශේෂ හිඟය ඉහළ යැමත් සහනාධාර කපා හැරීමට රජයට සිදුවීම නිසා රජයේ ජනප්‍රියත්වය පිරිෙ හන්නට විය. වර්ෂ 1953 දී හර්තාලය ඇතිවූ අතර පොලිස්‌ හා හමුදා වෙඩි පහරින් 9 දෙනෙකු මිය යැම නිසා කලකිරුණු ඩඩ්ලි සේනානායක මහතා අගමැති ධුරයෙන් ඉල්ලා අස්‌විය. ඉන්පසු අගමැති ධුරයට පත්වූයේ සර් ලයනල් ජෝන් කොතලාවල මහතායි.   සර් ජෝන් කොතලාවල මහතාටද විරෝධතා පැවැති අතර තමාට ලැබුණු අගමැති තනතුර ජනතා කැමැත්ත මත ලබා ගැනීමේ අරමුණෙන් නිල කාලය අවසන් වීමටත් පෙර මැතිවරණයකට යැමට අදහස්‌ කරමින් 1957 පැවැත්විය යුතු මහ මැතිවරණය 1956 දී පැවැත්වීමට තීරණය කළේය. ඒ අනුව 1956 පෙබරවාරි 18 දින පාර්ලිමේන්තුව විසුරුවා හැරියේය. මෙහිදී කොතලාවල මහතාගේ අරමුණ වූයේ විපක්‍ෂය නොසිතූ මොහොතක රජය විසුරුවා හැර නැවත බලයට පත්වීම වුවත් එවකට ජන ප්‍රසාදය දිනා සිටි බණ්‌ඩාරනායක මහතා න...

ප්ලාස්ටික් අවභාවිතයෙන් සිදුවන පරිසර දුෂණය වළක්වා ගනිමු.

ජගත් පරිසර දිනය ජුනි 05 වන දිනට යෙදී තිබුණි.2018 වසරේ පරිසර දිනයේ තේමාව වන්නේ “ප්ලාස්ටික් භාවිතය අවම කරමු” යන්නයි.මෑතකාලීනව ගෝලීය සමාජය තුල ප්ලාස්ටික් හා ඒ ආශ්‍රිත නිෂ්පාදනය බහුලව සිදු කිරීම නිසා පාරිසරික හා සෞඛ්‍ය ගැටළු බහුලව දැක ගත හැකිය. විශේෂයෙන්ම වර්තමානය වන විට ප්ලාස්ටික් හා ඒ ආශ්‍රිත නිෂ්පාදනයන් 1960 වර්ෂයට වඩා 20 ගුණයකින් පමණ වර්ධනය වී ඇති බව පැවසේ. මේ ආකාරයට ප්ලාස්ටික් නිෂ්පාදනය හා පරිභෝජනය වැඩි වන්නේ නම් 2050 වන විට තවත් ටොන් බිලියන 33ක් නිෂ්පාදනය වනු ඇති බවද පැවසේ. මෙමගින් සිදුවන්නේ  විශාල වශයෙන් ප්ලාස්ටික් ගොඩබිමට,සාගරවලට බැහැර වීමයි. ඒවා දිරාපත් නොවී සියවස් ගණනාවක් පවතින විට පරිසර හා සමාජමය ව්‍යවසන ඇතිකරමින් මිහිමත යහපැවැත්මට බාධා කරයි. මේ වන විටත් ප්ලාස්ටික් මිනිසුන්ට හා පරිසරයට විවිධාකාර හානි ගෙන දෙන පිළිලයක් බවට පත්ව තිබේ. විශේෂයෙන්ම ප්ලාස්ටික් ජලයට දැමීමෙන් හා එම ජලය මිනිසුන් භාවිතා කිරීමෙන් මිනිස් ශරීරයේ හෝමෝන ක්‍රියාකාරීත්වයට බලපෑම් කරන ලෝහ, ඩයොක්සීන් ආදී විෂ රසායනිකයන් ශරීරයට ඇතුළු වේ. එසේම ප්ලාස්ටික් දහනයද නිසි ප්‍රමිතියකින් යුතුව සිදු නොකිරීමෙන් හා ප්...

දෝෂාභියෝගයෙන් බේරුණු ග්‍රීක අගමැති

පසුගිය සෙනසුරාදා ග්‍රීසියේ අගමැති ඇලෙක්සි සිප්රාස් ට එරෙහිව එරට පාර්ලිමේන්තුව වෙත දෝෂාභියෝගයක් ඉදිරිපත් වූ අතර එයින් ජයගැනීමට අගමැති ඇලෙක්සි සිප්රාස් සමත් විය.ඔහුට මෙලෙස දෝෂාභියෝගයක් ඉදිරිපත් වීමට ප්‍රධාන හේතුවක් වුයේ අසල්වැසි මැසිඩෝනියාවත් සමගින් එහි නම සම්බන්ධව දශක දෙකකට වැඩි කාලයක් පුරා පැවති ගැටලුව සම්බන්ධයෙන් ඔහු ගත් පියවරට එරෙහිවයි.කෙසේ වුවත් මෙහිදී ගත් එකගතාවයේ දී ඔහු මැසිඩෝනියාව වෙත බොහෝ වාසි අත්කර දී ඇතැයි බොහෝ දෙනෙකු චෝදනා කරන ලදී. මෙම එකගතාවයට පැමිණීමෙන් පසු එරට පාර්ලිමේන්තුව වටා රැස්වූ විරෝධතාකරුවෝ සිප්රාස් ධුරයෙන් ඉවත්විය යුතු බව පවසමින් උද්ඝෝෂණ පැවැත්වීය. එරට විපක්ෂය වන නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය විසින් මෙම දෝෂාභියෝගය ඉදිරිපත් කල අතර එය වැඩි ජන්ද 153කින් ප්‍රතික්ෂේප විය. ඊට පක්ෂව ජන්දය ලබා දී ඇත්තේ මන්ත්‍රීවරුන් 127 දෙනෙකු පමණයි.

19 වන ව්‍යවස්ථා සංශෝධනය සරලව

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මතවීම  මෑතකාලීනව  ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන බොහෝ පිරිසකගේ ප්‍රසාදයට ලක් විය. මෙම 19 වන ව්‍යවස්ථා සංශෝදනය තුලින් වෙනස් වුයේ කුමන කරුණුද යන්න සොයා බැලීම වැදගත්ය. 19 වන සංශෝදනය මගින් සිදු වූ පළමු සංශෝධනය වුයේ දැනට තිබෙන මුලික පරිච්ජේදයේ භාෂණයේ අයිතිය, රැස්වීමේ අයිතිය වැනි පුරවැසි අයිතිවසිකම් දක්වා තිබෙන 14 වන වගන්තියට 14A වගන්තිය ඇතුලත් කිරීම.එහිදී තොරතුරු දැනගැනීමේ අයිතිය   මූලික පුරවැසි අයිතියක් වශයෙන් පිළිගැනීම සිදු කර තිබේ.  මෙතෙක් ක්‍රියාත්මක වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30 (1) සහ 30 (2) වගන්තිවලින්  විධායක ජනාධිපතිවරයාට හැඳන්වීම සහ ඔහු ධුරය වරකට 06  වසරක් දැරිය යුතුයි කියන ප්‍රතිපාදනය ඉදරිපත් කර තිබීම සිදු කර තිබුණි.19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් මෙතෙක් තිබු ව්‍යවස්ථාවේ 30 වගන්තිය සම්පුර්ණයෙන්ම ඉවත් කර තිබේ.ඒ වෙනුවට  නව වගන්තියක් ඇතුලත් කරයි. මෙතෙක් තිබු ව්‍යස්ථාවේ ජනරජයේ ජනාධිපතිවරයා වසර 06 ක් ධුරය දැරිය යුතුය යන්න වසර 05 දක්වා අඩු කරයි. එහිදී මෙතෙක් තිබු ජනාධිපතිවරයා රාජ්‍යයේ.විධායකයේ, ආ...

සාමාන්‍ය දැනීම ප්‍රශ්න හා පිළිතුරු 50

1.         . රජයේ ලියාපදිංචි කල මුල්ම පුවත්පත කුමක්ද ? ලක්මිණි පහණ “ ඒඩ්ස් ” රෝගය මුලින්ම සොයා ගත් වර්ෂය කුමක්ද ? 1981                       ජාත්‍යන්තර පොලිසියේ ප්‍රධාන කාර්යාලය පිහිටියේ කොහේද? ප්‍රංශයේ   කොළඹ-කටුනායක අධිවේගී මාර්ගයේ ඉදි කිරීම් කටයුතු සිදු කල සමාගම කුමක්ද? චීනයේ මැටලොජිකල් සමාගම   ලොව ප්‍රථම න්‍යෂ්ටික බලාගාරය පිහිටවුයේ කුමන රටේද? රුසියාව   ලෝක තරුණ සමුළුව මුලින්ම ඇරඹූයේ කුමන රටේද? මහා බ්‍රිතාන්‍යය   ප්‍රථම වරට නයිට් නාමයකින් ගෞරව ලැබූ ක්‍රිකට් ක්‍රීඩකයා කවුද? ඩොන් බ්‍රඩ්මින් F.B.I. ඔත්තු සේවය පවත්වාගෙන යන්නේ කිනම් රටකද ? ඇමරිකා එක්සත් ජනපදය සම්පුර්ණ චිත්‍රපටියම පරිගණක චිත්‍ර මගින් සැකසුනු ප්‍රථම හොලිවුඩ් චිත්‍රපටිය කුමක්ද? පයිනල් පැන්ටසි රුධිර කාණ්ඩකරණය ලොවට හදුන්වා දුන්නේ  කවුද? ඔස්ට්‍රියා වෛද්‍ය කාල් ලෑන්ඩ්ස් ශ්‍රී ලංකාවේ විවෘත විශ්ව විද්‍යාලය ආරම්භ කල වර්ෂය - 1980  ලොව විශාලතම මුස්ලිම් දේවස්ථානය පිහිටියේ කොහිද? ඉන්දියාවේ ජුමා මස්ජිඩ් ...

විශ්වාසභංගයෙන් පැරදුණු ස්පාඤ්ඤ අගමැති

පසුගිය ජුනි 1 වන දින විශ්වාසභංගය පිළිබද ස්පාඤ්ඤයේ පාර්ලිමේන්තුව තුල පැවති ජන්ද විමසීමෙන් අගමැති මරියානෝ රජෝයි පරාජයට පත් විය. ඒ අනුව මෑත ඉතිහාසය තුල ස්පාඤ්ඤයේ විශ්වාසභංගයකින් පරාජයට පත් වූ පළමු අගමැතිවරයා ලෙස රයෝයි ඉතිහාසයට එක් වෙයි. මෙලෙස මරියානෝ රයෝයිට එරෙහිව විශ්වාසභංගයක් ඉදිරිපත් වුයේ ඔහු නායකත්වය දැරූ මහජන පක්ෂය සම්බන්ධයෙන් දුෂණ චෝදනා මතුවීමයි. විශාල වශයෙන් අල්ලස් ලබා ගැනීම, හිතවත් පාර්ශව වෙත රජයේ කොන්ත්‍රාත් ලබා දීම ආදී චෝදනා කලක සිටම මෙම පක්ෂයට එල්ල විය. මෙලෙස දුෂණ චෝදනා එල්ල වෙත්දීත් මෙම ක්‍රියා වැලැක්වීම සදහා රජෝයි නිසි පියවර නොගැනීම මත ඔහුට විශ්වාසභංගයක් ඉදිරිපත් විය. විශ්වාසභංගයට පක්ෂව මන්ත්‍රීවරුන් 180  දෙනෙකු ජන්දය ලබා දුන් අතර විරුද්ධව ලැබුනේ ජන්ද 169කි. මරියානෝ රජෝයි ස්පාඤ්ඤයේ අගමැති බවට පත් වුයේ 2011 වසරේදීය.මීට පෙරද කිහිප වරක් රයෝයිට අගමැති ධුරයෙන් ඉල්ලා අස්වෙන ලෙස බලපෑම් එල්ල විය. එසේම මීට පෙර ඔහුට විරුද්ධව එක් විශ්වාසභංගයක් ඉදිරිපත් වූ අතර එයින් ජයගැනීමට ඔහුට හැකි විය. නමුත් මෙවර තරුණ නායකයෙකු වන 46 හැවිරිදි පෙද්රෝ සන්චේස් පක්ෂ කිහිපයක් ඒකරාශී කරගනිමින...

ජනතා විරෝධතාවය හමුවේ ඉල්ලා අස්වූ ජෝර්දාන අගමැති

ජනතාව මත අසාධාරණ ආකාරයෙන් බදු පැනවීමටත්, ජනතාවගේ ආර්ථික ප්‍රශ්න උත්සන්න වීමත් මත ජෝර්දානයේ ඇති වූ දැවැන්ත මහජන විරෝධය හේතුවෙන් ජෝර්දානයේ අගමැති හානි මල්කි ට සිය ධුරයෙන් ඉවත් වීමට සිදු විය. මෙම සමුගැනීම විශාල ජාත්‍යන්තර අවධානයක් දිනා ගැනීමට සමත් විය. ජෝර්දානයේ අගනුවර වන අම්මාන් නුවරට එක් වූ දහස් ගණන් ජනතාව දිවා රෑ නොබලා දින ගණනාවක් මල්කිගේ රජයට එරෙහිව සටන් පාඨ කියමින් ටයර් ගිනිතියමින් සිය විරෝධතාවය එල්ල කරන්නට විය. මෙම විරෝධතාවය මැඩ පැවැත්වීමට පොලීසිය කදුළු ගෑස් ප්‍රහාර එල්ල කරමින් කටයුතු කරද විරෝධතා කරුවෝ ඉන් තවත් දිරිමත් වනු දක්නට ලැබුණි. මෙලෙස මල්කිගේ රජයට එරෙහිව දැවැන්ත විරෝධතා විරෝධතා ඇති වීමට ප්‍රධාන හේතු රාශියක් බලපෑවේය. විශේෂයෙන්ම රට තුල භාණ්ඩ හා සේවා මිල ගණන් සීඝ්‍රයෙන් ඉහල යාම, වැටුප් වැඩි නොවීම, රජය ගෙන එන අසාධාරණ බදු පනත් ආදිය විශාල වශයෙන් බලපෑවේය.මෙම විරෝධතා උත්සන්න වෙත්දී ජෝර්දානයේ අබ්දුල්ලා රජු ද මෙම ගැටලුවට මැදිහත් වූ අතර ඉන්ධන මිල ඉහල දැමීමට ගෙන තිබු තීරණ අවලංගු කිරීමට ද ඔහු තීරණය කලේ ජනතාවට දැරිය නොහැකි ජීවන බරටවිසදුමක් ලෙසිනි. නමුත් විරෝධතා කරුවන් ඉල්ලා සිට...