Skip to main content

Buy now

සිංහල භාෂාව රාජ්‍ය භාෂාව බවට පත් කිරීමේ ඉතිහාසය


සිංහලය රාජ්‍ය භාෂාව කිරීමට මූලික හේතුව වූයේ එස්‌. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්‌ඩාරනායක මහතා බලයට පත්වීමයි. 1952 වසරේදී ආසන 54 දිනා බලයට පත් එක්‌සත් ජාතික පක්‍ෂ රජය තම නිල කාලයම බලයේ නොසිටියේය. ආර්ථිකයේ අර්බුදකාරී තත්ත්වයත් රබර් වැනි අපනයන ද්‍රව්‍යවල මිල පහළ වැටීමත් ගෙවුම් ශේෂ හිඟය ඉහළ යැමත් සහනාධාර කපා හැරීමට රජයට සිදුවීම නිසා රජයේ ජනප්‍රියත්වය පිරිෙ හන්නට විය. වර්ෂ 1953 දී හර්තාලය ඇතිවූ අතර පොලිස්‌ හා හමුදා වෙඩි පහරින් 9 දෙනෙකු මිය යැම නිසා කලකිරුණු ඩඩ්ලි සේනානායක මහතා අගමැති ධුරයෙන් ඉල්ලා අස්‌විය. ඉන්පසු අගමැති ධුරයට පත්වූයේ සර් ලයනල් ජෝන් කොතලාවල මහතායි.
 සර් ජෝන් කොතලාවල මහතාටද විරෝධතා පැවැති අතර තමාට ලැබුණු අගමැති තනතුර ජනතා කැමැත්ත මත ලබා ගැනීමේ අරමුණෙන් නිල කාලය අවසන් වීමටත් පෙර මැතිවරණයකට යැමට අදහස්‌ කරමින් 1957 පැවැත්විය යුතු මහ මැතිවරණය 1956 දී පැවැත්වීමට තීරණය කළේය. ඒ අනුව 1956 පෙබරවාරි 18 දින පාර්ලිමේන්තුව විසුරුවා හැරියේය.

මෙහිදී කොතලාවල මහතාගේ අරමුණ වූයේ විපක්‍ෂය නොසිතූ මොහොතක රජය විසුරුවා හැර නැවත බලයට පත්වීම වුවත් එවකට ජන ප්‍රසාදය දිනා සිටි බණ්‌ඩාරනායක මහතා නොසිතූ ලෙස මැතිවරණය ජයග්‍රහණය කළේය. එක්‌සත් ජාතික පක්‍ෂය ආසන 95 න් ආසන 76 ක්‌ සඳහා තරග වැදුනත් ඔවුන්ට හිමිවූයේ ආසන 8 ක්‌ පමණි. බණ්‌ඩාරනායක මහතාගේ ජයග්‍රහණයට තවත් හේතුවක්‌ වූයේ ඔහුට විරුද්ධව මැතිවරණයට සේනානායකවරුන් ඉදිරිපත් නොවීමයි.

බණ්‌ඩාරනායක මහතාගේ 1956 මැතිවරණ ප්‍රකාශනය සමාජවාදී පිළිවෙතකට අනුව සකස්‌ වූවකි. ගොවිකම්කරුසඟවෙදගුරු යන පංච මහා බලවේග ඒකරාශීකරගෙන බලයට පැමිණි ධනවාදීන්ගේ අවසන් හුස්‌ම හෙළන කාලය යෑයි බොහෝ දෙනා සිතූහ. බණ්‌ඩාරනායක මහතාගේ ජනසතු ව්‍යාපාර නිසා සුළු ජනතාව ඒ මහතා සමඟ විය. ඔහුගේ මැතිවරණ පොරොන්දුවක්‌ වූයේද සිංහල බස රජකර වීමයි.

එම පොරොන්දුව ඉටුකරමින් බණ්‌ඩාරනායක මහතා 1956 අංක 33 දරන පනත මගින් සිංහල භාෂාව එකම රාජ්‍ය භාෂාව බවට පත් කළේය. ඒවනවිට රජයේ බොහෝ කටයුතු කෙරුණේ ඉංග්‍රීසි මාධ්‍යයෙනි. මෙයට පිළියමක්‌ වශයෙන් 1960 දෙසැම්බර් 31 දිනට අවශ්‍ය වෙනස්‌කම් කරනතුරු පනත ඉක්‌මණින් ක්‍රියාත්මක කිරීම නිසා යම් අඩුපාඩුවක්‌ සිදු වන්නේ යෑයි අගමැතිවරයාට හැඟේ නම් සිංහල භාෂාව පමණක්‌ ප්‍රමාණවත් නොවන්නේ නම් භාෂාවක්‌ හෝ භාෂාවන් භාවිත කර පවත්වාගෙන යැමට අනපනත් හා රෙගුලාසි බල නොපාන බව එහි 2 වන වගන්තියෙන් සනාථ කළේය. එම පනතේ 3 (1) වගන්තිය යටතේ පොදු අරමුණු හා මූලධර්ම සකස්‌ කිරීමට අගමැතිවරයාට බලය දෙනු ලැබීය. එහි 11 වන උපවගන්තිය (1) යටතේ කිසිදු රෙගුලාසියක්‌ සෙනට්‌ මණ්‌ඩලයේ මන්ත්‍රී මණ්‌ඩලයේ නියෝජිත මන්ත්‍රී මණ්‌ඩලයේ අනුමැතිය ලැබී එය ගැසට්‌ නිවේදනයෙන් ප්‍රකාශයට පත්කරනතුරු සම්පාදනය නොකළ යුතු යෑයි සඳහන් වේ.

බ්‍රිතාන්‍ය පාලකයන් මෙරට යටක්‌ කරගෙන ඔවුන්ගේ භාෂාව පරිපාලන භාෂාව බවට පත්කරගෙන සිටියත් ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 81% පමණ දැනසිටියේ සිංහල හා දෙමළ පමණි. ඉංග්‍රීසි දැන සිටියේ අතලොස්‌සක්‌ වූ ධනපති පන්තියේ වරප්‍රසාද ලත් පිරිස පමණි. 1956 භාෂා පනත ගෙනෙන තෙක්‌ම රජයේ උසාවිකාර්යාලබැංකුව්‍යාපාරික ආයතනවල කටයුතු කෙරුණේ ඉංග්‍රීසි භාෂාවෙනි.

මෙම තත්ත්වය රාජ්‍ය මන්ත්‍රණ සභා යුගයේ සිට පැවැති ගැටලුවක්‌ වූ අතර එය සිංහල පමණක්‌ රාජ්‍ය භාෂාව කිරීමට බලපෑවේ නැත. තිබුණේස්‌වභාෂාසිංහල දෙමළ භාෂා පරිපාලන භාෂා කිරීමේ ගැටලුව පමණි.

ලංකා සමසමාජ පක්‍ෂය 1936 දී යෝජනාවක්‌ ඉදිරිපත් කරමින් පොලිසිවලට කරන පැමිණිලි ස්‌වභාෂාවෙන් ලිවීමත්පොලිසිවල හා උසාවිවල නඩු ඇසීම් ස්‌ව භාෂාවෙන් කිරීමේන් වැදගත්කම පෙන්වා දෙන ලදී. එම යෝජනා 1936 පෙබරවාරි 8 දින වැඩි ඡන්ද 11 කින් රාජ්‍ය මන්ත්‍රණ සබාවේ සම්මත වුණි.

ඡේ. ආර්. ජයවර්ධන මහතා ද සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීමේ යෝජනාව 1943 ගෙන එන ලදී.

සාධාරණ යෑයි කිවහැකි වසර කීපයක කාලයක්‌ තුළ සිංහලය රාජ්‍ය භාෂාව කිරීමේ අරමුණින්. සිංහල භාෂාව පාසල්වල ඉගැන්වීමේ මාධ්‍යය විය යුතු බවත් සිංහල අනිවාර්ය විෂයක්‌ විය යුතු බවත්මන්ත්‍රණ සභාවේ කටයුතු සිංහලෙන් කිරිමට අවශ්‍ය නීති සම්පාදනය කළ යුතු බවත්වෙනත් භාෂාවලින් පළකරෙeණු පොත් හඳුනාගෙන ඒවා සිංහල භාෂාවට පරිවර්තනය කිරීමට කොමිසමක්‌ පත්කළ යුතු බවත් යෝජනා කරනු ලැබීය.

මෙහිදී දෙමළ භාෂාව ජාතික භාෂාවක්‌ හැටියට පිළි නොගැනීම ගැනද විරෝධතා මතුවූහ. කල්කුඩා මන්ත්‍රී වී. නල්ලයියා මහතා 1944 දී මැයි 14 වැනිදා සිංහල යන වචනය සඳහන් සෑම තැනකම එය සිංහල හා දෙමළ යනුවෙන් සංශෝධනය විය යුතු යෑයි යෝජනාවක්‌ ගෙන ආ අතර එය සංශෝධිත සහිතව සම්මත විය. එයට විරුද්ධ වූයේ මන්ත්‍රීවරු 8 දෙනෙක්‌ පමණි.

ඇස්‌. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්‌ඩාරනායක මහතා විසින් 1944 දී ගෙනා ස්‌වභාෂා රාජ්‍ය භාෂාව කිරීමට රාජ්‍ය මන්ත්‍රණ සභාව එකඟ විය. ඒ සඳහා ඡේ. ආර්. ජයවර්ධන මහතාගේ මූලිකත්වයෙන් කොමිසමක්‌ ද පත්කළ අතර සී. ඩබ්. ඩබ්. කන්නන්ගරටී. බී. ජයාඇස්‌. නඩේෂන්ඒ. රත්නායක මෙම කොමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස කටයුතු කරන ලදී. මෙම කොමිටුව ඉන්දියාවේ කළ සංචාරයකින් පසු යෝජනා 62 අඩංගු වාර්තාවක්‌ ඉදිරිපත් කරමින් සිංහල - දෙමළස්‌වභාෂා දෙකෙන්ම කටයුතු කළ යුතු යෑයි සඳහන්කොට ඇත. ඉංග්‍රීසි වෙනුවට සිංහල - දෙමළ ස්‌වභාෂා දෙකෙන් කටයුතු කළ යුතු බවත් 1957 ජනවාරි 16 දින ඉදිරිපත් කළ වාර්තාවේ දැක්‌වේ. නමුත් 1951 රාජ්‍ය භාෂා කොමිසමක්‌ පත් කළ අතර එහි සඳහන් වන්නේ ඉංග්‍රීසි වෙනුවට භාෂා දෙකක්‌ භාවිතා වීමට වඩා එකක්‌ පිළිගැනීම උචිත බව නිර්දේශ කරනු ලැබීය. නමුත් සිංහල - දෙමළ බාෂා දෙකටම සම තත්ත්වය දිය යුතු බව 1955 වන තෙක්‌ම ජාතික දේශපාලන තලය පොදු පිළිගැනීම විය.

1956 මැතිවරණයට එක්‌සත් ජාතික පක්‍ෂයෙන් ඉදිරිපත්වූ සර් ජෝන් කොතලාවල මහතාදයාපනයේ ඩෙල්µa දූපතේ කළ සංචාරයකදී උත්සවයක්‌ අමතමින් සිංහල හා දෙමළ භාෂා දෙකටම සම තත්ත්වය ලබා දෙන බවට කළ ප්‍රකාශය නිසා ඔහුට විරුද්ධව සිංහලයන් අතර පොදු විරෝධයක්‌ ගොඩනැගෙන්නට විය. ද්‍රවිඩ සිංහල භාෂාවන්ට සම තත්ත්වයේ ලා සැලකුවහොත් ද්‍රවිඩ භාෂා කතාකර වැඩි පිරිසක්‌ අසල්වැසි ඉන්දියාවේද සිටීම නිසා සිංහල භාෂා කථාකරන පිරිස සුළු පිරිසක්‌ වේ යෑයි මත පළ කළේය. නිදහස්‌ අධ්‍යාපනය ලබන සිංහල හා දෙමළ අයට සම තැන දීම නිසා සිංහලයන්ට අසාධාරණයක්‌ වේ යෑයි යන්න බොහෝ දෙනාගේ මතය විය.

සර් ජෝන් කොතලාවල මහතාද ඔහු කලින් කළ ප්‍රකාශයට රට පුරා විරෝධය ඇතිවීම හේතුවෙන් කැලණියේ පැවැති පක්‍ෂ සම්මේලනයේදී සිංහල භාෂාව පමණක්‌ ප්‍රතිපත්තිය සම්මත කළේය.

නමුත් ශ්‍රී ලංකා නිදහස්‌ පCසයේ නායක එස්‌. ඩබ්. ආර්. ඩී. බණ්‌ඩාරනායක මහතා නිට්‌ටඹුවේ පැවැති රැස්‌වීමකදී 1955 දෙසැ. 17 දින සිංහල පමණක්‌ රාජ්‍ය භාෂාව විය යුතුයි. ප්‍රකාශයක ඉදිරිපත් කළේය. 1944 - සිට 1955 දක්‌වා පැවැති මැතිවරණවලට එක්‌සත් ජාතික පක්‍ෂයද සිංහලය පමණක්‌ යන මතයේ සිටිමින් උතුරු ප්‍රදෙශයට අපේක්‌ෂකයන් ඉදිරිපත් නොකළේය. ම. එ. පෙ. ද සිංහල පමණක්‌ යන මතයේ සිටිමින් අපේක්‌ෂකයන් ඉදිරිපත් නොකළේය. ම. එ. පෙ. ද සිංහල ප්‍රදේශවලට පමණක්‌ කොටුවිය. නමුත් ලංකා සමාජ පක්‍ෂය හා කොමියුනිස්‌ට්‌ පක්‍ෂය මුල් ස්‌ථාවරයේ පසුවිය. එක්‌සත් ජාතික පක්‍ෂයද රජයේ යෝජනාවට පක්‍ෂව සිටි අතර අනෙකුත් වාමාංශික පක්‍ෂ එම මතයට දැඩි විරුද්ධත්වය දක්‌වන ලදී. ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා මහතා පැවසුවේ ජාතිවාදය නොඅවුස්‌සන ලෙසත් එහි ප්‍රතිපලය භයානක විය හැකි බවත්ය. කොල්වින් ආර්. ද සිල්වා මහතා කීවේ එක්‌ භාෂාවක්‌ නම් රටවල් දෙකක්‌ බවත් භාෂා දෙකක්‌ නම් තනි රටක්‌ බවත්ය. ඇස්‌. ඒ. වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ මෙම අරගලය තුළින් රටේ සංවර්ධනය නැති වෙනවා පමණක්‌ නොව දෙමළ ජනතාවට තමන්ගේ අයිතිවාසිකම් ද නැතිවන බවකි. එය මුළු ජනතාවගේම ඉදිරි ගමනට බාධාවක්‌ වන බවකි. එසේ වුවද භාෂා පනත ජුනි 13 දින නීතිගත වුණි.
මෙම පනත සම්මත වීම තුළින් ද්‍රවිඩ ජනතාවගේ අභිමානයට අභියෝගයක්‌ වුණේ යෑයි ඔවුන් සැලකූ අතර එනිසාම ද්‍රවිඩ ජනතාව මහත් අපහසුතාවන්ට ද පත්වන්නට විය. මෙය රාජ්‍ය අංශයේ රාජකාරීවලදී ද්‍රවිඩ ජනතාවට උසස්‌වීම්වලට තිබූ මඟ අසුරන්නක්‌ විය. මෙම පනත පැනවීමෙන් පසු ෙµඩරල් පක්‍ෂය සත්‍යග්‍රහයකට යන බව 1956 අගෝස්‌තු 19 දින පැවැති පෙඩරල් පක්‍ෂ සම්මේලනයේදී තීරණය කළ අතර එය 1952 අගෝස්‌තු 20 දින පවත්වන්නට කටයුතු යොදා ඇති බව කියෑවිණි. එදිනට පෙර රජය දෙමළ බසට සමතැන දීමට ක්‍රියා නොකළහොත් පෙඩරල් පක්‍ෂය තම අරමුණු ඉටුකර ගැනීමට සෘජු ක්‍රියාමාර්ග ගන්නා බව පැවැසීය. ආරම්භයේදී මෙයට කිසිදු පියවරක්‌ නොගත්තත් භාෂාමය ගැටලු නිරාකරණය කර ගැනීමේ අරමුණින් බණ්‌ඩාරනායක මහතා ෙµඩරල් පක්‍ෂය සමඟ සාකච්ඡා ආරම්භ කළේය. එහි ප්‍රතිඵලයක්‌ ලෙස බණ්‌ඩාරනායක චෙල්වනායගම් ගිවිසුම ඇරඹුණි. ගිවිසුම සිංහල දෙමළ ජන නායකයන් අතර ඇතිවූ ගිවිසුමක්‌ නොව බණ්‌ඩාරනායක හා චෙල්වනායගම් මහතා අතර පමණක්‌ සකස්‌ කෙරුණ ගිවිසුමක්‌ විය. එනිසාම පසුකාලයේ ගිවිසුම බිඳ වැටුණි.
එසේ වුවද එම ගිවිසුමේ සඳහන් බොහෝ කරුණු වාර්ගික සමගිය සඳහා උපයෝගී වුන අතර 1966 වනවිට දෙමළ භාෂාව ප්‍රයෝගික භාෂා තත්ත්වයේ සිට ජාතික භාෂා තත්ත්වය පරිණාමය වීමටත් 1978 ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවටත් බණ්‌ඩාරනායක චෙල්වනායගම් ගිවිසුමේ කරුණු උපයෝගි කර ගන්නා ලදී.

Comments

Popular posts from this blog

අධ්‍යාපනය සම්බන්ධ සාමාන්‍ය දැනීම

  සාර්ක් විශ්ව විද්‍යාලය පිහිටි රට -ඉන්දියාව ශ්‍රී ලංකාවේ බෞද්ධ අධ්‍යාපනයට විශාල මෙහෙවරක් කල ඇමරිකානු ජාතික කාන්තාව - මාරි මියුසියස් ශ්‍රී ලංකාවේ ප්‍රථම පිරිවෙන - රත්මලානේ පරම ධම්ම චේතිය පිරිවෙන ශ්‍රී ලංකාවේ මුල්ම මධ්‍ය මහා විද්‍යාලය- මතුගම මධ්‍ය මහා විද්‍යාලය දේශීය විභාග ක්‍රමය ආරම්භ කල වර්ෂය- 1862 ටොරෙන්ටෝ විශ්ව විද්‍යාලය පිහිටා ඇත්තේ කුමන රටේද? කැනඩාව ශ්‍රී ලංකාවේ ප්‍රථම විදුහල්පතිනිය - අනුලා මැණිකේ උදලාගම මහත්මිය ශ්‍රී ලංකාවේ ප්‍රථම අධ්‍යාපන අමාත්‍යවරයා - C.W.W.කන්නංගර මහතා ළමා අධ්‍යාපනයේ පියා - ෆෙඩ්රික් නුගවෙල කොන්ගෝ රාජ්‍යයේ හිටපු අගමැතිවරයෙකු සිහිවීමට රුසියාවේ පිහිටවූ විශ්ව විද්‍යාලය කුමක්ද? ලුමුම්බා විශ්ව විද්‍යාලය විකිලීක්ස් වෙබ් අඩවියේ නිර්මාතෘ - ජුලියන් අසන්ජ් ගාල්ලේ පරම විද්‍යානාර්ථ සමාගම පිහිටුවීමට මුලිකත්වය ගත්තේ කවුද? හෙන්රි ස්ටීල් ඕල්කට් තුමා ගුරුවරුන් ඇගයීමට ලක් කරන සම්මාන උළෙල- ගුරු ප්‍රතිභා     පාසල් ළමයින්ට දිවා ආහාරය ලබා දීම ආරම්භ කල වර්ෂය - 1950 අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය තහවරු කල ලෝක සම්මුතිය කුමක්ද? 1...

සාමාන්‍ය දැනීම ප්‍රශ්න හා පිළිතුරු 50

1.         . රජයේ ලියාපදිංචි කල මුල්ම පුවත්පත කුමක්ද ? ලක්මිණි පහණ “ ඒඩ්ස් ” රෝගය මුලින්ම සොයා ගත් වර්ෂය කුමක්ද ? 1981                       ජාත්‍යන්තර පොලිසියේ ප්‍රධාන කාර්යාලය පිහිටියේ කොහේද? ප්‍රංශයේ   කොළඹ-කටුනායක අධිවේගී මාර්ගයේ ඉදි කිරීම් කටයුතු සිදු කල සමාගම කුමක්ද? චීනයේ මැටලොජිකල් සමාගම   ලොව ප්‍රථම න්‍යෂ්ටික බලාගාරය පිහිටවුයේ කුමන රටේද? රුසියාව   ලෝක තරුණ සමුළුව මුලින්ම ඇරඹූයේ කුමන රටේද? මහා බ්‍රිතාන්‍යය   ප්‍රථම වරට නයිට් නාමයකින් ගෞරව ලැබූ ක්‍රිකට් ක්‍රීඩකයා කවුද? ඩොන් බ්‍රඩ්මින් F.B.I. ඔත්තු සේවය පවත්වාගෙන යන්නේ කිනම් රටකද ? ඇමරිකා එක්සත් ජනපදය සම්පුර්ණ චිත්‍රපටියම පරිගණක චිත්‍ර මගින් සැකසුනු ප්‍රථම හොලිවුඩ් චිත්‍රපටිය කුමක්ද? පයිනල් පැන්ටසි රුධිර කාණ්ඩකරණය ලොවට හදුන්වා දුන්නේ  කවුද? ඔස්ට්‍රියා වෛද්‍ය කාල් ලෑන්ඩ්ස් ශ්‍රී ලංකාවේ විවෘත විශ්ව විද්‍යාලය ආරම්භ කල වර්ෂය - 1980  ලොව විශාලතම මුස්ලිම් දේවස්ථානය පිහිටියේ කොහිද? ඉන්දියාවේ ජුමා මස්ජිඩ් ...