මේ දිනවල ඇමරිකානු ඩොලර් හා සාපේක්ෂව ශ්‍රී ලංකාවේ රුපියලේ වටිනාකම බොහෝ සාකච්ඡාවට බඳුන්වන මාතෘකාවකි. ඩොලරයේ සහ රුපියලේ වටිනාකම් පිළිබඳව මුලින්ම යමක් කියවූයේ ශ්‍රී ලංකාවේ සිටි අන්තර් ජාතිකව ප්‍රසිද්ධ පොත් කතුවරයෙකු වූ ආතර් සී ක්ලාක් මහතාගේ පොතකය.
මා එය කලකට පෙර මිලදී ගත්තද, දැන් එය කොතනක හෝ සැඟවී ඇත. මට මතක හැටියට එහි තිබුනේ ආතර් සී ක්ලාක් මහතාගේ ජීවිත කථාව වන අතර, එහි ඔහු ලංකාවේ පදිංචි වීමට තෝරාගෙන තමාගේ අම්මාට ලිපියක් ලියයි. එහිදී ඔහු 1956 වසරේ තමාගේ කොළඹ අලුත් නිවසට ගෘහ සේවකයෙකු බඳවා ගත් බවද, ඔහුගේ මාසික වැටුප, මට මතක හැටියට, රුපියල් පහක් බවද, එහි ඩොලර් වටිනාකම ඩොලර් දහයක් වන බවද කියයි. ඒ අනුව එකල රුපියලේ වටිනාකම ඩොලරයේ වටිනාකමට වැඩි බව පෙනේ. වසර 60 ක කාලයකින්, දැන් ඩොලරයේ අගය රුපියල් 153 කි. ඒ කියන්නේ 56 දී සමාන අගයක් ගත්තත් අපේ රුපියල ඩොලරයට සාපේක්ෂව අඩුම තරමින් 153 ගුනයකින්වත් අඩු වී තිබේ. මේ කියන්නේ 15300% කින් අගය අඩු වී ඇති බවයි. මෙතරම් විශාල පසුබෑමක් පිලිගන්නටත් අමාරු නිසා එක්කෝ මට හෝ එසේත් නැත්නම් ආතර් සී ක්ලාක්ට මේ පිළිබඳ වැරැද්දක් වූවාදැයි සැක සිතෙන තරමට මේ පරිහානිය විශාලය.
එය වැරදීමටත් බැරිය. 1980 දී ඩොලරයේ වටිනාකම රුපියල් 8 ක් බව මට හොඳට මතක මම මුලින්ම පිටරට ගියේ ඒ අවුරුද්දේ නිසාය.
මෙලෙස මුදල්වල වටානාකම අඩුවීම සිදුවන්නේ කෙසේද? මෙයට ප්‍රධානතම හේතුව අපි රුපියල් දී ඩොලර් මිලදී ගැනීමය. ඩොලර් මිලදී ගැනීමට වැඩි වැඩියෙන් උත්සාහ කරද්දී ඩොලරයට රුපියලට සාපේක්ෂව ඇති ඉල්ලුම වැඩිවෙයි. එසේ ඉල්ලුම වැඩිවන විට එහි මිලද අධික වෙයි. මෙය නිදහස් වෙළඳපොල මූලික ලක්ෂණයකි. අනික් අතට ලෝකයේ අනික් රටවල් ලංකාවේ නිපවන යම් දෙයක් මිලදී ගන්නට පොර කන්නේ නම් ඔවුන් එය මිලදී ගත යුත්තේ ඩොලර් වලින් රුපියල් මිලදී ගෙන එම රුපියල් වලිනි. එවිට රුපියල් වලට තිබෙන ඉල්ලුම වැඩිවෙයි. ඉල්ලුම වැඩි වුවද සැපයුම නියත නිසා රුපියලේ අගය ඩොලරයට සාපේක්ෂව ඉහල නගී. නැවතත් ක්‍රියාත්මක වන්නේ නිදහස් වෙළඳපොල මූලික සිද්ධාන්තයන්ය.
උදාහරණයක් වශයෙන් අපි කාර් එකක් මිලදී ගන්නා විට මෙහෙ කාර් නිෂ්පාදනය කරන්නේ නැති නිසා පිටරටකින් ඩොලර් වලින් එහි වටිනාකම ගෙවා කාර් එක මිලදී ගත යුතුය. අපිට ඩොලර් නැති නිසා මේ සදහා ඩොලර් මිලදී ගත යුත්තේ එහි වටිනාකමට රුපියල් වලින් මුදල් ගෙවාය. එසේ මිලදී ගන්නා හැම ඩොලර් එකකටම රුපියලේ අගය සාපේක්ෂව ඉතා ස්වල්ප ප්‍රමාණයකින් අඩුවේ.
අනික් අතින් අපේ මැද පෙරදිග ශ්‍රමිකයෙකු තමන්ගේ මාසික වැටුප වන ඩොලර් 500 ක් බදුල්ලේ ජීවත්වන තම පවුල වෙත එව්වොත් ලංකාවට එන විට ඔහු ඒ ඩොලර් විකුනා රුපියල් මිලදී ගනී. මෙලෙස රුපියල් මිලදී ගන්නා විට රුපියලට ඩොලරයට සාපේක්ෂව ඉල්ලුමක් ඇතිවේ. එවිට රුපියලේ වටිනාකම සාපේක්ෂව ඡායා මාත්‍ර ප්‍රමාණයකින් ඉහල යයි. මෙම ගනුදෙනු යම් සමබර තාවයකින් සිදුවන්නේ නම් මෙම මුදල් වර්ග දෙකේ සාපේක්ෂ අගයන් එතරම් විශාල ලෙස වෙනස් වන්නට නුපුලුවන.
මෙලෙස මෙකල සිදු වෙමින් පවතින රුපියලේ අවපාතනයට කුමන හේතු කාරණා වී ඇත්දැයි බලමු. එවැනි කාරණා විය යුත්තේ අපි රුපියල් දී ඩොලර් මිලදී ගැනීම වැඩිවීමට තුඩු දී ඇති කාරනාය. පසුගිය කාලයේ නොතිබුනු දැන් සිදුවන එවැනි හේතු මොනවාද?

- වාහන වැඩිපුර මෙරටට ගෙන්වීම. ලංකාවේ දැන් දිනකට මෝටර් බයිසිකල්ම 1000 ක් පමන විකිනෙන බව මට සිතේ.
- අධ්‍යාපනය සදහා දරුවන් පිටරට යැවීම මේ සදහා ඉතා විශාල මුදලක් එක්වරම පිටරටට ඇදී යයි. වෛද්‍ය අධ්‍යාපනයට පිටරට යන සිසුවෙකුට ඔවුන්ගේ දෙමව්පියන් රුපියල් මිලියන 10 කට කිට්ටු ප්‍රමාණයක් ඩොලර් කරයි. සිසුන් 1000 ක් එසේ ගියොත් එය බිලියන් 10 කි.
- එයට අමතරව පිටරටට පදිංචි වීමට යන දරුවන්ට යවන මුදල්. විශේෂයෙන්ම ඕස්ට්‍රෙලියාව, නවසීලන්තය වැනි රටවල අධ්‍යාපනයෙන් පසු පදිංචි වන දරුවන්ට එහි නිවාස මිලදී ගැනීමට මෙහෙන් මුදල් යැවීම දැන් පුරුද්දක් වී තිබේ. එවිටද පහලට යන්නේ රුපියලේ වටිනාකමය.
- නොයෙකුත් උපාධි, ආයතන සහ අන්තර්ජාතික සමාජවල සාමාජික මුදල් සහ විභාග ගාස්තු යනාදිය. වසර පතා මේ හරහා මිලදී ගන්නා ඩොලර් ප්‍රමාණය මිලියන් සිය ගණනක් විය යුතුය.
- ශ්‍රී ලාංකිකයින් පිටරට සංචාරයට යාම මේ සදහාද රුපියල් වලින් ඩොලර් මිලදී ගත යුතුය.
- ජංගම දුරකථන, පරිඝනක ඇතුලු වෙනත් විද්යුත් උපකරණ මෙරටට ගෙන්වීමට මිලදී ගැනීම සදහා රුපියල් ගෙවා ඩොලර් මිලදී ගැනීම.
මේ සියලු වියදම් සදහා අප ඩොලර් සපයාගත යුත්තේ විදේශ ශ්‍රමිකයින්, මෙරටට පැමිනෙන සංචාරකයින් සහ තේ, පොල්. රබර්, ඇතුලු අපගේ සම්ප්‍රදායික අපනයන වලින් ලැබෙන සීමිත ඩොලර් ප්‍රමානයෙනි.
අප රටක් වශයෙන් හම්බ කරන ඩොලර් ප්‍රමාණය වියදම් කරන ඩොලර් ප්‍රමාණයට අඩු වූ විට පැහැදිලිවම ඩොලර් සදහා ඉල්ලුම වැඩිවී ඩොලරයේ සාපේක්ෂ වටිනාකම ඉහල යයි, අපේ අහිංසක රුපියල පරිහානියට පත්වෙයි.
බටහිර ආයෝජිකයින් ලංකාවේ ආයෝජනය කල මුදල් ආපසු ගැනීම හෝ අප ලබාගත් ණය වල වාරික ගෙවීම හැරෙන්නට වෙන ලොකුවට ඩොලර් එළියට යන ක්‍රමයක් හිතා ගන්නට අපහසුය.
මෙයින් පෙනෙන්නේ අපිට එක් වරම රටේ ඩොලර් ආදායම වැඩිකර රුපියල පරිහානියට පත්වීම වලක්වා ගන්නට හදිසි ක්‍රමවේදයක් නොමැති බවයි. එසේ නම් ඒ සදහා ඇති එකම පිලියම ඩොලර් වියදම් අඩු කිරීමයි.
Comments
Post a Comment