පසුගිය සෙනසුරාදා ග්‍රීසියේ අගමැති ඇලෙක්සි
සිප්රාස් ට එරෙහිව එරට පාර්ලිමේන්තුව වෙත දෝෂාභියෝගයක් ඉදිරිපත් වූ අතර එයින්
ජයගැනීමට අගමැති ඇලෙක්සි සිප්රාස් සමත් විය.ඔහුට
මෙලෙස දෝෂාභියෝගයක් ඉදිරිපත් වීමට ප්‍රධාන හේතුවක් වුයේ අසල්වැසි මැසිඩෝනියාවත්
සමගින් එහි නම සම්බන්ධව දශක දෙකකට වැඩි කාලයක් පුරා පැවති ගැටලුව සම්බන්ධයෙන් ඔහු
ගත් පියවරට එරෙහිවයි.කෙසේ වුවත් මෙහිදී ගත් එකගතාවයේ දී ඔහු මැසිඩෝනියාව වෙත බොහෝ
වාසි අත්කර දී ඇතැයි බොහෝ දෙනෙකු චෝදනා කරන ලදී. මෙම එකගතාවයට පැමිණීමෙන් පසු එරට
පාර්ලිමේන්තුව වටා රැස්වූ විරෝධතාකරුවෝ සිප්රාස් ධුරයෙන් ඉවත්විය යුතු බව පවසමින්
උද්ඝෝෂණ පැවැත්වීය.
එරට විපක්ෂය වන නව ප්‍රජාතන්ත්‍රවාදී
පක්ෂය විසින් මෙම දෝෂාභියෝගය ඉදිරිපත් කල අතර එය වැඩි ජන්ද 153කින් ප්‍රතික්ෂේප
විය. ඊට පක්ෂව ජන්දය ලබා දී ඇත්තේ මන්ත්‍රීවරුන් 127 දෙනෙකු පමණයි.
Comments
Post a Comment