තායිලන්තය වසර 9 කට පසුව නැවතත් මරණ දඩුවම ක්‍රියාත්මක
කර තිබේ. ඒ අනුව ඔවුන්ගේ ප්‍රථම මරණ දඩුවම පසුගිය ජුනි 18 දින ක්‍රියාත්මක කර
තිබේ. තායිලන්තයේ අවසන් වරට මරණ දඩුවමක් ලබා දී ඇත්තේ 2009 වසරේදීය.
මෙවර ඔවුන් මරණ දඩුවම ලබා දී ඇත්තේ 26 හැවිරිදි
තීරාසක් ලෝන්ග්ජි නම් පුද්ගලයෙකුටය.ඔහුව මරණයට පත් කලේ සිරුරට උග්‍ර විෂක් ඇතුලත්
කිරීමෙනි. 2012 වසරේදී 17 හැවිරිදි දරුවෙකු මරා දැමීම ඔහුට එරෙහිව එල්ල වූ චෝදනාව
විය. ඒ අනුව තායිලන්තයේ බැංකොක් අගනුවරට උතුරින් පිහිටා ඇති බැන්ග් ක්වාන්ග් මධ්‍යම
බන්ධනාගාරයේදී මෙම මරණ දඩුවම ක්‍රියාත්මක කර තිබේ.
විෂ ශරීර ගත කිරීම මගින් මරණ දඩුවම ක්‍රියාත්මක
කිරීම එරට නීතිගත කෙරුනේ 2003 වසරේදීය. එදා සිට මේ දක්වා වැරදිකරුවන් හය දෙනෙකුට
මරණ දඩුවම ලබා දී තිබේ.
කෙසේ වුවද තායිලන්තයේ මෙලෙස යලිත් මරණ දඩුවම ක්‍රියාත්මක
කිරීම ඉතාමත් අනුවණ ක්‍රියාවක් බව ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය පවසා තිබේ. ඔවුන්
පවසන්නේ මෙලෙස මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම ජනතාවගේ ජීවත්වීම සදහා ඇති අයිතිය දැඩි
ලෙස උල්ලංඝනය කිරීමක් බවයි.
Comments
Post a Comment