Skip to main content

Buy now

ගාන්ධි ඝාතකයින්ට නිදහස ලබාදීම ඉන්දීය ජනපති ප්‍රතික්ෂේප කරයි.



ඉන්දියාවේ හිටපු ජනාධිපති රජිව් ගාන්ධි ඝාතනය කළ බවට එල්ල වූ චෝදනාවලට වරදකරුවන්  හත් දෙනා නිදහස් කරන්නැයි  තමිල්නාඩු ආණ්ඩුව කරන ලද ඉල්ලීම ඉන්දීය ජනාධිපති රාම් නාත් කෝවින්ද් මහතා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇති බව ද හින්දුපුවත්පත වාර්තා කරයි.
සිරකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් තමිල්නාඩු ආණ්ඩුව කර තිබෙන ඉල්ලීම සම්බන්ධයෙන් මධ්‍යම ආණ්ඩුවට එකඟ විය නොහැකි යැයි තම තීරණය දැනුම් දෙමින් ඉන්දීය ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.
LTTE සංවිධානයේ සාමාජිකාවක විසින් එල්ල කරන මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකට ගොදුරු වීමෙන් 1991 වසරේ මැයි 21 වැනි දා රජිව් ගාන්ධි ඝාතනයට ලක්විය.
දැනට වසර 20 කටත්  වැඩි කාලයක් මොවුන්  බන්ධනාගාර ගතව සිටින  බැවින් මානුෂීය කරුණු සළකා බලමින් මෙම සිරකරුවන් හත්දෙනාට සමාව ලබාදී නිදහස් කරන්නැයි තමිල්නාඩු ප්‍රාන්ත ආණ්ඩුව පසුගිය සිව් වසරක කාලයේදී දෙවතාවක් ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට ලිපි යවා ඇත.කෙසේ වුවද ඉන්දීය මධ්‍යම රජය මෙම ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බව ඉන්දිය ජනාධිපතිවරයා දැනුම් දී තිබේ.
                

Comments

Popular posts from this blog

අධ්‍යාපනය සම්බන්ධ සාමාන්‍ය දැනීම

  සාර්ක් විශ්ව විද්‍යාලය පිහිටි රට -ඉන්දියාව ශ්‍රී ලංකාවේ බෞද්ධ අධ්‍යාපනයට විශාල මෙහෙවරක් කල ඇමරිකානු ජාතික කාන්තාව - මාරි මියුසියස් ශ්‍රී ලංකාවේ ප්‍රථම පිරිවෙන - රත්මලානේ පරම ධම්ම චේතිය පිරිවෙන ශ්‍රී ලංකාවේ මුල්ම මධ්‍ය මහා විද්‍යාලය- මතුගම මධ්‍ය මහා විද්‍යාලය දේශීය විභාග ක්‍රමය ආරම්භ කල වර්ෂය- 1862 ටොරෙන්ටෝ විශ්ව විද්‍යාලය පිහිටා ඇත්තේ කුමන රටේද? කැනඩාව ශ්‍රී ලංකාවේ ප්‍රථම විදුහල්පතිනිය - අනුලා මැණිකේ උදලාගම මහත්මිය ශ්‍රී ලංකාවේ ප්‍රථම අධ්‍යාපන අමාත්‍යවරයා - C.W.W.කන්නංගර මහතා ළමා අධ්‍යාපනයේ පියා - ෆෙඩ්රික් නුගවෙල කොන්ගෝ රාජ්‍යයේ හිටපු අගමැතිවරයෙකු සිහිවීමට රුසියාවේ පිහිටවූ විශ්ව විද්‍යාලය කුමක්ද? ලුමුම්බා විශ්ව විද්‍යාලය විකිලීක්ස් වෙබ් අඩවියේ නිර්මාතෘ - ජුලියන් අසන්ජ් ගාල්ලේ පරම විද්‍යානාර්ථ සමාගම පිහිටුවීමට මුලිකත්වය ගත්තේ කවුද? හෙන්රි ස්ටීල් ඕල්කට් තුමා ගුරුවරුන් ඇගයීමට ලක් කරන සම්මාන උළෙල- ගුරු ප්‍රතිභා     පාසල් ළමයින්ට දිවා ආහාරය ලබා දීම ආරම්භ කල වර්ෂය - 1950 අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය තහවරු කල ලෝක සම්මුතිය කුමක්ද? 1...

සිංහල භාෂාව රාජ්‍ය භාෂාව බවට පත් කිරීමේ ඉතිහාසය

සිංහලය රාජ්‍ය භාෂාව කිරීමට මූලික හේතුව වූයේ එස්‌. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්‌ඩාරනායක මහතා බලයට පත්වීමයි. 1952 වසරේදී ආසන 54 දිනා බලයට පත් එක්‌සත් ජාතික පක්‍ෂ රජය තම නිල කාලයම බලයේ නොසිටියේය. ආර්ථිකයේ අර්බුදකාරී තත්ත්වයත් රබර් වැනි අපනයන ද්‍රව්‍යවල මිල පහළ වැටීමත් ගෙවුම් ශේෂ හිඟය ඉහළ යැමත් සහනාධාර කපා හැරීමට රජයට සිදුවීම නිසා රජයේ ජනප්‍රියත්වය පිරිෙ හන්නට විය. වර්ෂ 1953 දී හර්තාලය ඇතිවූ අතර පොලිස්‌ හා හමුදා වෙඩි පහරින් 9 දෙනෙකු මිය යැම නිසා කලකිරුණු ඩඩ්ලි සේනානායක මහතා අගමැති ධුරයෙන් ඉල්ලා අස්‌විය. ඉන්පසු අගමැති ධුරයට පත්වූයේ සර් ලයනල් ජෝන් කොතලාවල මහතායි.   සර් ජෝන් කොතලාවල මහතාටද විරෝධතා පැවැති අතර තමාට ලැබුණු අගමැති තනතුර ජනතා කැමැත්ත මත ලබා ගැනීමේ අරමුණෙන් නිල කාලය අවසන් වීමටත් පෙර මැතිවරණයකට යැමට අදහස්‌ කරමින් 1957 පැවැත්විය යුතු මහ මැතිවරණය 1956 දී පැවැත්වීමට තීරණය කළේය. ඒ අනුව 1956 පෙබරවාරි 18 දින පාර්ලිමේන්තුව විසුරුවා හැරියේය. මෙහිදී කොතලාවල මහතාගේ අරමුණ වූයේ විපක්‍ෂය නොසිතූ මොහොතක රජය විසුරුවා හැර නැවත බලයට පත්වීම වුවත් එවකට ජන ප්‍රසාදය දිනා සිටි බණ්‌ඩාරනායක මහතා න...

සාමාන්‍ය දැනීම ප්‍රශ්න හා පිළිතුරු 50

1.         . රජයේ ලියාපදිංචි කල මුල්ම පුවත්පත කුමක්ද ? ලක්මිණි පහණ “ ඒඩ්ස් ” රෝගය මුලින්ම සොයා ගත් වර්ෂය කුමක්ද ? 1981                       ජාත්‍යන්තර පොලිසියේ ප්‍රධාන කාර්යාලය පිහිටියේ කොහේද? ප්‍රංශයේ   කොළඹ-කටුනායක අධිවේගී මාර්ගයේ ඉදි කිරීම් කටයුතු සිදු කල සමාගම කුමක්ද? චීනයේ මැටලොජිකල් සමාගම   ලොව ප්‍රථම න්‍යෂ්ටික බලාගාරය පිහිටවුයේ කුමන රටේද? රුසියාව   ලෝක තරුණ සමුළුව මුලින්ම ඇරඹූයේ කුමන රටේද? මහා බ්‍රිතාන්‍යය   ප්‍රථම වරට නයිට් නාමයකින් ගෞරව ලැබූ ක්‍රිකට් ක්‍රීඩකයා කවුද? ඩොන් බ්‍රඩ්මින් F.B.I. ඔත්තු සේවය පවත්වාගෙන යන්නේ කිනම් රටකද ? ඇමරිකා එක්සත් ජනපදය සම්පුර්ණ චිත්‍රපටියම පරිගණක චිත්‍ර මගින් සැකසුනු ප්‍රථම හොලිවුඩ් චිත්‍රපටිය කුමක්ද? පයිනල් පැන්ටසි රුධිර කාණ්ඩකරණය ලොවට හදුන්වා දුන්නේ  කවුද? ඔස්ට්‍රියා වෛද්‍ය කාල් ලෑන්ඩ්ස් ශ්‍රී ලංකාවේ විවෘත විශ්ව විද්‍යාලය ආරම්භ කල වර්ෂය - 1980  ලොව විශාලතම මුස්ලිම් දේවස්ථානය පිහිටියේ කොහිද? ඉන්දියාවේ ජුමා මස්ජිඩ් ...