Skip to main content

Buy now

ප්ලාස්ටික් අවභාවිතයෙන් සිදුවන පරිසර දුෂණය වළක්වා ගනිමු.



ජගත් පරිසර දිනය ජුනි 05 වන දිනට යෙදී තිබුණි.2018 වසරේ පරිසර දිනයේ තේමාව වන්නේ “ප්ලාස්ටික් භාවිතය අවම කරමු” යන්නයි.මෑතකාලීනව ගෝලීය සමාජය තුල ප්ලාස්ටික් හා ඒ ආශ්‍රිත නිෂ්පාදනය බහුලව සිදු කිරීම නිසා පාරිසරික හා සෞඛ්‍ය ගැටළු බහුලව දැක ගත හැකිය. විශේෂයෙන්ම වර්තමානය වන විට ප්ලාස්ටික් හා ඒ ආශ්‍රිත නිෂ්පාදනයන් 1960 වර්ෂයට වඩා 20 ගුණයකින් පමණ වර්ධනය වී ඇති බව පැවසේ. මේ ආකාරයට ප්ලාස්ටික් නිෂ්පාදනය හා පරිභෝජනය වැඩි වන්නේ නම් 2050 වන විට තවත් ටොන් බිලියන 33ක් නිෂ්පාදනය වනු ඇති බවද පැවසේ. මෙමගින් සිදුවන්නේ  විශාල වශයෙන් ප්ලාස්ටික් ගොඩබිමට,සාගරවලට බැහැර වීමයි. ඒවා දිරාපත් නොවී සියවස් ගණනාවක් පවතින විට පරිසර හා සමාජමය ව්‍යවසන ඇතිකරමින් මිහිමත යහපැවැත්මට බාධා කරයි.
මේ වන විටත් ප්ලාස්ටික් මිනිසුන්ට හා පරිසරයට විවිධාකාර හානි ගෙන දෙන පිළිලයක් බවට පත්ව තිබේ. විශේෂයෙන්ම ප්ලාස්ටික් ජලයට දැමීමෙන් හා එම ජලය මිනිසුන් භාවිතා කිරීමෙන් මිනිස් ශරීරයේ හෝමෝන ක්‍රියාකාරීත්වයට බලපෑම් කරන ලෝහ, ඩයොක්සීන් ආදී විෂ රසායනිකයන් ශරීරයට ඇතුළු වේ. එසේම ප්ලාස්ටික් දහනයද නිසි ප්‍රමිතියකින් යුතුව සිදු නොකිරීමෙන් හා ප්ලාස්ටික් ඉතා සුළු ප්‍රමාණයක් පමණක් ප්‍රතිචක්‍රීකරණය සිදු නොවීමෙන් ජීවී පැවැත්මට ඉතාමත් විශාල හානි ගෙනදේ. ජර්මනිය විසින් මෑත කාලීනව සිදු කරන ලද පර්යේෂණයකින් හෙළි වී ඇත්තේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය මගින් පසට,ජලයට,ජීවීන්ට හා පරිසර පද්ධති වලට දීර්ඝ කාලීනව අනතුරුදායක තත්වයන් ඇති කරන බවයි.එපමණක් නොව ප්ලාස්ටික් ශුද්‍ර අංශු වලින් සිදුවන සමුද්‍ර දුෂණය මෙන් 23ගුණයකින් ප්ලාස්ටික් ශුද්‍ර අංශු මගින් භූතලය දුෂණය වන බවද පර්යේෂණ මගින් හෙළි වී තිබේ.නමුත් මෙම හානිකර තත්වයන් කවරාකාරද? කවර ප්‍රමාණයෙන්ද යන්න තවමත් නිශ්චිතව හදුනාගෙන නොමැත.
මෙලෙස ප්ලාස්ටික් හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අවභාවිතය විශාල වශයෙන් සිදුවීම තුලින් ඇතිවන පාරිසරික,සෞඛ්‍යමය හා සමාජීය ගැටළු වලක්වා ගැනීම සදහා ලෝකයේ බොහෝ රටවල් නියාමනය හා පාලන ක්‍රමවේද යොදා ගෙන තිබේ. එහිදී ඇතැම් රටවල් ගැටලුකාරී ප්ලාස්ටික් නිෂ්පාදන සම්පුර්ණයෙන්ම තහනම් කර ඇති අතර තවත් රටවල් ප්ලාස්ටික් නිෂ්පාදන භාවිතය බදු පැනවීම්,දඩ පැනවීම් හරහා සීමා කර තිබේ.
ශ්‍රී ලංකාව ද වාර්ෂිකව ප්ලාස්ටික් හා ඒ ආශ්‍රිත නිෂ්පාදන මෙට්‍රික් ටොන් ලක්ෂ 5ක ප්‍රමාණයක් ආනයනය කරනු ලබන අතර මෙයින් 70%ක් දේශීය වශයෙනුත් ඉතුරු 30%  නැවතත් විවිධ ස්වරුපයෙන් අපනයනය කිරීම සදහාත් යොදා ගැනේ. එසේම මෙම ප්ලාස්ටික් භාවිතයෙන් අනතුරුව 40%ක් ප්‍රතිචක්‍රීයකරණය කරන අතර ඉතුරු 30% සෘජුවම පරිසරයට මුදා හරින බවද පැවසේ. එපමණක් නොව ශ්‍රී ලංකාව තුල දිනකට ජනනය වන ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රමාණය ටොන් 480ක් පමණ වේ.
එසේම ඉන්ටර්නැෂනල් බිස්‌නස්‌ ටයිමිස්‌ සඟරාව කළ පර්යේෂණයකට අනුව මුහුදට ප්ලාස්‌ටික්‌ ඇතුළු ඝණ අපද්‍රව්‍ය දමන රටවල් විස්‌ස අතුරින් මෙවර පස්‌වන ස්‌ථානයට ශ්‍රී  ලංකාව පත්ව තිබේ. මහජනතාව මෙලෙස නොසැලකිලිමත්ව ප්ලාස්ටික් අපද්‍රව්‍ය මිශ්‍රිත කසල බැහැර කිරීම නිසා කානු පද්ධති මෙන්ම ප්‍රධාන ජලාපවාහන පද්ධති අවහිර වී සුළු ගංවතුරකදී වුව විශාල ජල ගැලීම් තත්වයන් ඇති කිරීමට පවා හේතු වී තිබේ.
මෙවන් තත්වයන් නිසා ප්ලාස්ටික් භාවිතයේ, බැහැරකරලීමේ අක්‍රමවත්,අවිචාරමත් බව නිසා සිදුව ඇති පාරිසරික හා සෞඛ්‍යමය ව්‍යවසන වලක්වා ගැනීමට ලෝකයේ සියලු රටවල් එක්ව ක්‍රියාත්මක විය යුතුය. 

Comments

Popular posts from this blog

අධ්‍යාපනය සම්බන්ධ සාමාන්‍ය දැනීම

  සාර්ක් විශ්ව විද්‍යාලය පිහිටි රට -ඉන්දියාව ශ්‍රී ලංකාවේ බෞද්ධ අධ්‍යාපනයට විශාල මෙහෙවරක් කල ඇමරිකානු ජාතික කාන්තාව - මාරි මියුසියස් ශ්‍රී ලංකාවේ ප්‍රථම පිරිවෙන - රත්මලානේ පරම ධම්ම චේතිය පිරිවෙන ශ්‍රී ලංකාවේ මුල්ම මධ්‍ය මහා විද්‍යාලය- මතුගම මධ්‍ය මහා විද්‍යාලය දේශීය විභාග ක්‍රමය ආරම්භ කල වර්ෂය- 1862 ටොරෙන්ටෝ විශ්ව විද්‍යාලය පිහිටා ඇත්තේ කුමන රටේද? කැනඩාව ශ්‍රී ලංකාවේ ප්‍රථම විදුහල්පතිනිය - අනුලා මැණිකේ උදලාගම මහත්මිය ශ්‍රී ලංකාවේ ප්‍රථම අධ්‍යාපන අමාත්‍යවරයා - C.W.W.කන්නංගර මහතා ළමා අධ්‍යාපනයේ පියා - ෆෙඩ්රික් නුගවෙල කොන්ගෝ රාජ්‍යයේ හිටපු අගමැතිවරයෙකු සිහිවීමට රුසියාවේ පිහිටවූ විශ්ව විද්‍යාලය කුමක්ද? ලුමුම්බා විශ්ව විද්‍යාලය විකිලීක්ස් වෙබ් අඩවියේ නිර්මාතෘ - ජුලියන් අසන්ජ් ගාල්ලේ පරම විද්‍යානාර්ථ සමාගම පිහිටුවීමට මුලිකත්වය ගත්තේ කවුද? හෙන්රි ස්ටීල් ඕල්කට් තුමා ගුරුවරුන් ඇගයීමට ලක් කරන සම්මාන උළෙල- ගුරු ප්‍රතිභා     පාසල් ළමයින්ට දිවා ආහාරය ලබා දීම ආරම්භ කල වර්ෂය - 1950 අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය තහවරු කල ලෝක සම්මුතිය කුමක්ද? 1...

සිංහල භාෂාව රාජ්‍ය භාෂාව බවට පත් කිරීමේ ඉතිහාසය

සිංහලය රාජ්‍ය භාෂාව කිරීමට මූලික හේතුව වූයේ එස්‌. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්‌ඩාරනායක මහතා බලයට පත්වීමයි. 1952 වසරේදී ආසන 54 දිනා බලයට පත් එක්‌සත් ජාතික පක්‍ෂ රජය තම නිල කාලයම බලයේ නොසිටියේය. ආර්ථිකයේ අර්බුදකාරී තත්ත්වයත් රබර් වැනි අපනයන ද්‍රව්‍යවල මිල පහළ වැටීමත් ගෙවුම් ශේෂ හිඟය ඉහළ යැමත් සහනාධාර කපා හැරීමට රජයට සිදුවීම නිසා රජයේ ජනප්‍රියත්වය පිරිෙ හන්නට විය. වර්ෂ 1953 දී හර්තාලය ඇතිවූ අතර පොලිස්‌ හා හමුදා වෙඩි පහරින් 9 දෙනෙකු මිය යැම නිසා කලකිරුණු ඩඩ්ලි සේනානායක මහතා අගමැති ධුරයෙන් ඉල්ලා අස්‌විය. ඉන්පසු අගමැති ධුරයට පත්වූයේ සර් ලයනල් ජෝන් කොතලාවල මහතායි.   සර් ජෝන් කොතලාවල මහතාටද විරෝධතා පැවැති අතර තමාට ලැබුණු අගමැති තනතුර ජනතා කැමැත්ත මත ලබා ගැනීමේ අරමුණෙන් නිල කාලය අවසන් වීමටත් පෙර මැතිවරණයකට යැමට අදහස්‌ කරමින් 1957 පැවැත්විය යුතු මහ මැතිවරණය 1956 දී පැවැත්වීමට තීරණය කළේය. ඒ අනුව 1956 පෙබරවාරි 18 දින පාර්ලිමේන්තුව විසුරුවා හැරියේය. මෙහිදී කොතලාවල මහතාගේ අරමුණ වූයේ විපක්‍ෂය නොසිතූ මොහොතක රජය විසුරුවා හැර නැවත බලයට පත්වීම වුවත් එවකට ජන ප්‍රසාදය දිනා සිටි බණ්‌ඩාරනායක මහතා න...

සාමාන්‍ය දැනීම ප්‍රශ්න හා පිළිතුරු 50

1.         . රජයේ ලියාපදිංචි කල මුල්ම පුවත්පත කුමක්ද ? ලක්මිණි පහණ “ ඒඩ්ස් ” රෝගය මුලින්ම සොයා ගත් වර්ෂය කුමක්ද ? 1981                       ජාත්‍යන්තර පොලිසියේ ප්‍රධාන කාර්යාලය පිහිටියේ කොහේද? ප්‍රංශයේ   කොළඹ-කටුනායක අධිවේගී මාර්ගයේ ඉදි කිරීම් කටයුතු සිදු කල සමාගම කුමක්ද? චීනයේ මැටලොජිකල් සමාගම   ලොව ප්‍රථම න්‍යෂ්ටික බලාගාරය පිහිටවුයේ කුමන රටේද? රුසියාව   ලෝක තරුණ සමුළුව මුලින්ම ඇරඹූයේ කුමන රටේද? මහා බ්‍රිතාන්‍යය   ප්‍රථම වරට නයිට් නාමයකින් ගෞරව ලැබූ ක්‍රිකට් ක්‍රීඩකයා කවුද? ඩොන් බ්‍රඩ්මින් F.B.I. ඔත්තු සේවය පවත්වාගෙන යන්නේ කිනම් රටකද ? ඇමරිකා එක්සත් ජනපදය සම්පුර්ණ චිත්‍රපටියම පරිගණක චිත්‍ර මගින් සැකසුනු ප්‍රථම හොලිවුඩ් චිත්‍රපටිය කුමක්ද? පයිනල් පැන්ටසි රුධිර කාණ්ඩකරණය ලොවට හදුන්වා දුන්නේ  කවුද? ඔස්ට්‍රියා වෛද්‍ය කාල් ලෑන්ඩ්ස් ශ්‍රී ලංකාවේ විවෘත විශ්ව විද්‍යාලය ආරම්භ කල වර්ෂය - 1980  ලොව විශාලතම මුස්ලිම් දේවස්ථානය පිහිටියේ කොහිද? ඉන්දියාවේ ජුමා මස්ජිඩ් ...