ජනතාව මත අසාධාරණ ආකාරයෙන් බදු පැනවීමටත්, ජනතාවගේ ආර්ථික ප්‍රශ්න උත්සන්න වීමත් මත ජෝර්දානයේ ඇති වූ දැවැන්ත මහජන විරෝධය හේතුවෙන් ජෝර්දානයේ අගමැති හානි මල්කි ට සිය ධුරයෙන් ඉවත් වීමට සිදු විය. මෙම සමුගැනීම විශාල ජාත්‍යන්තර අවධානයක් දිනා ගැනීමට සමත් විය.
ජෝර්දානයේ අගනුවර වන අම්මාන් නුවරට එක් වූ දහස් ගණන් ජනතාව දිවා රෑ නොබලා දින ගණනාවක් මල්කිගේ රජයට එරෙහිව සටන් පාඨ කියමින් ටයර් ගිනිතියමින් සිය විරෝධතාවය එල්ල කරන්නට විය. මෙම විරෝධතාවය මැඩ පැවැත්වීමට පොලීසිය කදුළු ගෑස් ප්‍රහාර එල්ල කරමින් කටයුතු කරද විරෝධතා කරුවෝ ඉන් තවත් දිරිමත් වනු දක්නට ලැබුණි.
මෙලෙස මල්කිගේ රජයට එරෙහිව දැවැන්ත විරෝධතා විරෝධතා ඇති වීමට ප්‍රධාන හේතු රාශියක් බලපෑවේය. විශේෂයෙන්ම රට තුල භාණ්ඩ හා සේවා මිල ගණන් සීඝ්‍රයෙන් ඉහල යාම, වැටුප් වැඩි නොවීම, රජය ගෙන එන අසාධාරණ බදු පනත් ආදිය විශාල වශයෙන් බලපෑවේය.මෙම විරෝධතා උත්සන්න වෙත්දී ජෝර්දානයේ අබ්දුල්ලා රජු ද මෙම ගැටලුවට මැදිහත් වූ අතර ඉන්ධන මිල ඉහල දැමීමට ගෙන තිබු තීරණ අවලංගු කිරීමට ද ඔහු තීරණය කලේ ජනතාවට දැරිය නොහැකි ජීවන බරටවිසදුමක් ලෙසිනි. නමුත් විරෝධතා කරුවන් ඉල්ලා සිටින ප්‍රධාන කරුණ වන්නේ රජය ඉදිරිපත් කල බදු ප්‍රතිපත්තිය ඉවත් කරන ලෙසයි. අබ්දුල්ලා රජු ද පවසා සිටියේ ජනතාවට පීඩාකාරී නොවන බදු ප්‍රතිපත්තියක් හදුන්වා දෙන ලෙසටයි. එහෙත් මෙම ඉල්ලීමට කන් නොදුන් අගමැති මල්කි පවසා සිටියේ බදු ප්‍රතිපත්තිය අනුමත කිරීම හෝ නොකිරීම පාර්ලිමේන්තුව ට අයත් කාර්යයක් බවයි. එසේම මෙම ප්‍රතිපත්තිය පැනවුයේ එරට ධනවතුන් බදු ගෙවීම වැලැක්වීම පැහැර හැරීම වැලැක්වීම සදහාත් රටේ ආර්ථිකය ශක්තිමත් කර ගැනීමටත් ,රටේ ණය බර අඩුකිරීමටත් බව මල්කි පවසා සිටියේය. මේ වන විට ජෝර්දානයේ ආර්ථිකය ඉතාමත් අර්බුධකාරී තත්වයට පත්ව ඇති අතර එරට සමස්ත ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයෙන් 95% කට ආසන්න වන බවද පැවසේ.ජෝර්දානය යනු සිරියාව හා ඉරාකය වැනි රටවල් ආසන්නයේ තිබෙන රටකි. මේ රටවල මේ වනවිට පැවැත්වෙන සිවිල් යුද්ධයේ බලපෑම ජෝර්දාන ආර්ථිකයට ද විශාල වශයෙන් බලපායි. ඒ එම රටවලින් සරණාගතයින් විශාල වශයෙන් ජෝර්දානයට පැමිණීමයි.
කෙසේ වුවද මෑත කාලයේ ජෝර්දානයේ ඇති වූ දැවැන්තම ජනතා විරෝධතාවය හමුවේ අගමැති මල්කි ට සිය ධුරයෙන් ඉල්ලා සිටීමට සිදු විය. එසේම ජෝර්දානයේ මාධ්‍ය පවසන්නේ මෙය අබ්දුල්ලා රජුගේ මැදිහත්වීම මත සිදු වූ බවයි. ඔහු පසුගියදා අගමැතිවරයා මාලිගයට කැදවා අගමැති ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස ඉල්ලා සිටි බවද වාර්තා වේ.
මල්කිගෙන් පසු අගමැති ධුරයට පත් වුයේ ඔහුගේම අමාත්‍ය මණ්ඩලයේ අධ්‍යාපන ඇමති ධුරය දැරූ ඕමාල් අල්-රසාස් ය.
Comments
Post a Comment