Skip to main content

Buy now

ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවෙන් පෙන්වන කෘෂිකර්මාන්තය


ශ්‍රීලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ 2017 වාර්ෂික වාර්තාව මහජනයාට මිල දී ගැනීමේ අවස්ථාව සලසා දෙමින් දැන් වෙළෙඳපොළට නිකුත්ව තිබේ. මුදල් නීතිමය පනතේ නීතිමය අවශ්‍යතා සපුරමින්, සකස් වූ මෙම වාර්තාව පසුගියදා මුදල් ඇමැතිවරයා වෙත පිළිගන්වන ලදී. ඒ අප්‍රේල් මස 17 වනදාය.
සෑම මුදල් වර්ෂයක්ම අවසාන වී මාස හතරක් තුළ එම අදාළ වර්ෂයේ මුදල් ප්‍රතිපත්ති, මුදල් තත්ත්වය හා විශ්ලේෂණ ඇතුළත් වාර්තාවක් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් මුදල් ඇමැතිවරයා වෙත ඉදිරිපත් කළ යුතු යැයි මුදල් නීති පනතේ සඳහන් වේ.
දැන් නිකුත්ව ඇති 2017 මහ බැංකු වාර්තාව වෙළුම් දෙකකි. එසේම මෙය ශ්‍රී ලංකා මහ බැංකුවේ 68 වන වාර්ෂික වාර්තාවයි. රටේ ආර්ථික තත්ත්වය පිළිබිඹු කරන රාජ්‍ය ලේඛන අතර ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාව ඉහළම අගයක් සහිත ලියවිල්ලයි.
ඇමැති මණ්ඩල සංශෝධනයකින් පසු නව ඉදිරි ගමනකට සපථ කර සිටින ආණ්ඩුව ඉදිරියේ ඇති ප්‍රබල අභියෝග කීපයක් මහබැංකු වාර්තාවේ අන්තර්ගත වේ. එක් අභියෝගයක් නම් දේශීය කෘෂිකර්මාන්තයේ නිෂ්පාදනය ඉහළ නැංවීමයි. එසේම කෘෂි පාරිභෝගික ආනයනය අඩුකරගෙන මූල්‍ය සම්පත් පිරිමසා ගැනීමයි.
                  
නිෂ්පාදනය අඩු වීම‍

ශ්‍රී ලංකාව තුළ වගා කළ හැකි ආහාර ද්‍රව්‍ය කීපයක නිෂ්පාදනය 2017 වසරේ දී පහත වැටී ඇත. “2017 වසරේ දී ඉදල් ඉරිඟු, මෙනේරි හා සෝයා බෝංචි හැරුණු විට බොහෝ වෙනත් ක්ෂේත්‍ර බෝග වර්ගවල නිෂ්පාදනය පහත වැටුණි. පසුගිය වසර පහ තුළ දී ස්ථාවර වර්ධනයක් පෙන්නුම් කරන ලද අර්තාපල් නිෂ්පාදනයද, වගාබිම් ප්‍රමාණය අඩුවීම හේතුවෙන් සියයට 23.4 කින් පහළ වැටුණු බව සඳහන් කරන ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාව (පිට - 50) තවදුරටත් මෙසේ ද කියයි.
මේ අතර රතුලූනු සහ ලොකු ලූනු නිෂ්පාදනය පිළිවෙළින් සියයට 9.3 කින් හා සියයට 17.8 කින් පහත ගියේ ය. දේශීය නිෂ්පාදනයේ පහළ යෑම පිළිබිඹු කරමින් අර්තාපල් හා ලොකු ලූනු ආනයනය පිළිවෙළින් සියයට 2 කින් හා සියයට 7.8 කින් ඉහළ ගියේ ය.
සෝයා ‍බෝංචි නිෂ්පාදනය සියය 80.8 කින් ඉහළ ගිය බවද, වසර තුළ දී රුපියල් බිලියන 4.3ක් වටිනා එළවළු මෙට්‍රික් ටොන් 21696.6ක් අපනයනය කළ බව ද ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාව කියයි(පිට 51)
අර්තාපල්, ලොකු ලූනු, රතු ලූනු පමණක් නොව උඳු, වියළි මිරිස්, කව්පි, තල, මුං ඇට, රටකජු, කුරක්කන් හා බඩ ඉරිඟු වැනි දේශීයව නිපදවාගත හැකි ආහාර බෝග නිෂ්පාදනය අඩුවීම සමඟ ආනයනය මගින් වෙළෙඳ පොළ ඉල්ලුම සැපයීමෙන් විදේශ සඳහා විශාල ධන සම්පත් ප්‍රමාණයක් ඇ දී ගියේ ය.
මේ වගාවන් ඉහළ දැමීමට නම් වගා බිම් වැඩි කළ යුතුය. එසේම පලදාව ඉහළ දැමිය යුතුය. අර්තාපල් වගා බිම් ප්‍රමාණය 2013 සිට ක්‍රමයෙන් ඉහළ ගොස් 2016 දී හෙක්ටයාර 5754 දක්වා ඉහළ ගියේ ය. එහෙත් 2017 බිම් ප්‍රමාණය හෙක්ටයාර් 4457 දක්වා අඩුවිය. මේ නිසා 2017 නිෂ්පාදනය මෙ.ටොන් 95800 සිට මෙ.ටොන් 73, 400 දක්වා පහත වැටුණි. මේ නිසා 2017 අර්තාපල් ආනයනයට ගිය වියදම ඉහළ ගියේ ය.

2018, වසර තුළ අර්තාපල් නිෂ්පාදනය ඉහළ දමා ගතහොත් නුවරඑළිය, බදුල්ල සහ යාපනය දිස්ත්‍රික්කයේ ගොවි ජනතාවගේ ආදායම් හොඳ අතට හැරෙනවා ඇත. මෑතක දී කරන ලද නියමු ව්‍යාපෘති මගින් පොළොන්නරුව අනුරාධපුර සහ මාතලේ දිස්ත්‍රික්කයන්හි දී අර්තාපල් වගා සාර්ථකව තිබේ. ඒ සඳහා පාදක කරගත්තේ උතුරේ භාවිතාවන බීජ විශේෂයකි.
වියළි මිරිස් නිෂ්පාදනයටද අවධානය යොමු විය යුතුය. 2015 වියළි මිරිස් නිෂ්පාදනය මෙ.ටොන් 15, 700 කි. 2016 දී එය මෙ.ටොන් 18, 000 දක්වා වැඩි වූ නමුත් 2017 මහ බැංකු වාර්තාව පවසන අන්දමට 2017 වසරේ නිෂ්පාදනය මෙ.ටොන් 13, 000 දක්වා අඩුවිය. වගා බිම් ප්‍රමාණය ද හෙක්ටයාර 15267 සිට 10937 දක්වා අඩු විය. රතු ලූනු නිෂ්පාදනය මෙ.ටොන් 73, 400 කි. එහෙත් 2016 වසරේ නිෂ්පාදනය මෙ.ටො. 95, 800 කි. ඒ සඳහා වූ බිම් ප්‍රමාණයද හෙක්ටයාර 4994 සිට හෙක්ටයාර 4167 දක්වා අඩුවිය.
උඳු, කව්පි, තල, මුං ඇට, රටකජු, කුරක්කන් සහ බඩ ඉරිඟු යන නිෂ්පාදනයන්හි ධාරිතාව වැඩිකර ගැනීම මේ වසරේ කෘෂිකාර්මික අභියෝගයේ එක් පැත්තකි. ගිය වසරේ පැවැති අයහපත් කාලගුණය යථා තත්ත්වයට පත්වන ලකුණු පෙනේ.
රටේ ප්‍රධාන බෝගය වූ වී වගාවේ තත්ත්වය කෙසේ ද? 2016 වසරේ සිට පැවැති අයහපත් කාලගුණික තත්ත්වය 2017 වී නිෂ්පාදනයටද බලපෑවේ ය. ඒ බව මහ බැංකු වාර්තාව මෙසේ විස්තර කරයි.
2016 වසරේ සිට පැවැති අයහපත් කාලගුණික තත්ත්වයන් 2017 වසරේ වී නිෂ්පාදනයට දැඩි බලපෑමක් ඇති කෙළේ ය. අයහපත් කාලගුණික තත්ත්වයන්ගේ බලපෑම ඉස්මතු කරමින් පසුගිය දශකය තුළ අඩුම වී නිෂ්පාදනය වාර්තා කරමින් වසර තුළ වී නිෂ්පාදනය සියයට 46.1 කින් පහත වැටුණි.

වී නිෂ්පාදනය ‍     

2016/2017 මහ සහ යල කන්න දෙකෙහිම නිෂ්පාදනය පිළිවෙළින් සියයට 49.2 කින් සහ සියයට 40.1 කින් මෙට්‍රික් ටොන් (දසලක්ෂ) මිලියන 1.47 සහ මෙට්‍රික් ටොන් (දසලක්ෂ) මිලියන 0.91 දක්වා පහළ ගියේ ය.
2016/2017 මහ යහ යල කන්න දෙකෙහි වාර්ෂික වී නිෂ්පාදනය සහල් මෙට්‍රික් ටොන් දසලක්ෂ 1.7කට සමාන වූ අතර එය මාස අටකට ආසන්න කාලයක දේශීය පාරිභෝජනය සඳහා ප්‍රමාණවත් බව ඇස්තමේන්තු කරන ලදී.
මෙට්‍රික් ටොන් 800, 000ක් පමණ වූ සහල් හිඟය 2017 වසර මුල සිට සිදුකළ සහල් අපනයනය මගින් පියවන ලදී. (පිටුව 45)
ඉන්දියාව, පාකිස්ථානය, මියන්මාරය, කාම්බෝජය, වියට්නාමය සහ තායිලන්තය වැනි රටවලින් සම්බා, නාඩු සහ සුදු කැකුළු ආනයනය කරන ලදී. 2016 වසරේ ආනයනය කෙරුණු සහල් මෙට්‍රික් ටොන් 29524 ට සාපේක්ෂව 2017 වසරේ දී එක්සත් ජනපද ඩොලර් දසලක්ෂ 300.9 ක වියදමින් සහල් මෙට්‍රික් ටොන් 747800 ක් ශ්‍රී ලංකාවට ආනයනය කරන ලදී.(පිට 46)
2016 වසරේ පහළ ගිය පලතුරු නිෂ්පාදනය 2017 වසරේ යථා තත්ත්වයට පත්වෙමින් නිෂ්පාදනය ඉහළ ගිය බව ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාව කියයි. සියයට 9.5ක වර්ධනයක් සිදුවීම නිසා 2017 පලතුරු නිෂ්පාදනය මෙ.ටොන් 1, 569, 858 දක්වා ඉහළ ගොස් තිබීම සතුටට කරුණකි.

කෙසෙල්, අඹ, ගස්ලබු, කොමඩු අන්නාසි සහ පේර නිෂ්පාදනය ඉහළ ගියත් දොඩම්, දෙහි, වැල්දොඩම් හා අලිගැටපේර නිෂ්පාදනය පහත වැටුණි.
පලතුරු ආනයනය සහ අපනයනය පිළිබඳ චිත්‍රය නම් එ‍තරම් සතුටුදායක නැත. පලතුරු අපනයනයෙන් රුපියල් බිලියන 6.3 ක් උපයා ගත් නමුත් පලතුරු පිටරටින් ගෙන්වීම සඳහා රුපියල් බිලියන 12.9 ක් වැය කර ඇත. 2017 වසරේ එළවළු අපනයන මගින් රුපියල් බිලියන 4.3 ක ආදායමක් උපයාගත් අතර අපනයනය කරන ලද එළවළු ප්‍රමාණය මෙට්‍රික් ටොන් 21296.6 කි.

අපනයන ආදායම

කුළුබඩු අංශයට අයත් කුරුඳු අපනයනය මගින් 2017 වසර ප්‍රගතියක් අත්කරගෙන තිබේ. එසේම ගම්මිරිස්, කරාබු නැටි, සාදික්කා සහ අනෙකුත් කුළුබඩු වාර්ග නිෂ්පාදනය හා අපනයනය වර්ධනය විය.
කොකෝවා, බුලත් ආදියේ අපනයන ආදායම වැඩිව ඇති අතර 2017 වසරේ කෘෂිකර්ම අපනයන ආදායම ඩොලර් දසලක්ෂ 2767 ක් දක්වා ඉහළ ගියේ ය. එය සියයට 19.0 ක වර්ධනයකැයි මහබැංකු වාර්තාව කියයි.
කුරුඳු අපනයන ආදායම සියයට 27.4කින් ඉහළ ගිය අතර සුළු කෘෂිකාර්මික නිෂ්පාදන අපනයන ආදායම ඇ.ඩොලර් දසලක්ෂ 139 දක්වා සියයට 21.6 කින් වර්ධනය වීම ද 2017 දක්නට ලැබුණු ප්‍රගතියකි.
තේ අපනයන ආදායම 2017 වසරේ දී ඇ.ඩොලර් දසලක්ෂ 1530 දක්වා සියයට 20.5 කින් වර්ධනය වීම සමස්ත කෘෂිකර්ම අපනයනයේ වර්ධනයට බෙහෙවින් හේතුවිය. 2016 වසරේ අපනයන තේ කිලෝවට ඩොලර් 4.39ක් ලැබුණි. 2017 දී එම මුදල තේ කිලෝවට ඩොලර් 5.29 කි. අපනයනය කරන ලද තේ ප්‍රමාණය ද 2017 වසරේ දී කිලෝග්‍රෑම් දස ලක්ෂ 289 දක්වා ඉහළ ගියේ ය.
තේ වගාව පුනරුත්ථාපනය කිරීම සහ අපනයනය තවත් පුළුල් කිරීම සඳහා අවශ්‍ය පියවර රාශියක් 2017 වසරේ දී ක්‍රියාත්මක කර ඇත. හෙක්ටයාර 748 තේ නැවත වගා කළ අතර ඒ සඳහා දසලක්ෂ 454.7 ක් වැය කර ඇත. අලුතින් හෙක්ටයාර 202ක තේ වගා සඳහා වැය කළ මුදල රුපියල් දස ලක්ෂ 60 කි. මේ හැර තවත් පියවර රාශියක් ක්‍රියාත්මක කරන ලදී. 2017 මැයි ගංවතුර හා නාය යෑම් නිසා හානියට පත් තේ වගාකරුවනට දස ලක්ෂ 313 ක සහනාධාර ගෙවා ඇත.
රබර් නිෂ්පාදනය කිලෝග්‍රෑම් දසලක්ෂ 79.1 සිට කිලෝ ග්‍රෑම් 83.1 දක්වා වැඩිවීමද වගා බිම් ප්‍රමාණය හෙක්ටයාර 133000 සිට 137000 දක්වා වැඩිවීමද 2017 වසරේ දී වාර්තා විය. කිරි කපනු ලබන බිම් ප්‍රමාණය හෙක්ටයාර් 99000 සිට හෙක්ටයාර 103000 දක්වා වැඩිවීමද සිදුවිය. හෙක්ටයාරයක පලදාව කි.ග්‍රෑම් 800 සිට 809 දක්වා වැඩිවීමද දක්නට ලැබුණි. නැවත වගා කිරීම හෙක්ටයාර 1467 සිට 1841 දක්වා ඉහළ ගිය අතර අලුතින්ම වගා කිරීම හෙක්ටයාර 615 සිට 701 දක්වා වැඩි වී ඇත.
පොල් නිෂ්පාදනය අඩුවීම 2017 වසරේද දක්නට ලැබුණි. 2016 පොල් නිෂ්පාදනය ගෙඩි දසලක්ෂ 3011 සිට දසලක්ෂ 2450 දක්වා අඩු වූ නමුත් වගා බිම් ප්‍රමාණය හෙක්ටයාර 13, 000 කින් ඉහළ ගියේ ය. නිෂ්පාදන පිරිවැය රුපියල් 16.70 සිට රුපියල් 16.69 දක්වා අඩුවීමක් සිදුවිය.

තේ අපනයනයෙන් රුපියල් දසලක්ෂ 233288 ක් උපයාගත් අතර 2016 උපයාගත්තේ රුපියල් දසලක්ෂ 184778 කි. පොල් අපනයනයේ ආදායම රුපියල් දසලක්ෂ 53037 කි. එය 2016ට සාපේක්ෂව රුපියල් දසලක්ෂ 46ක අඩුවීමකි. රබර් අපනයන ආදායම රුපියල් දසලක්ෂ 5920 කි. 2016 රබර් අපනයනය රුපියල් දසලක්ෂ 4758 කි.

(උපුටා ගැනීම-දිනමිණ පුවත්පතෙනි)

Comments

Popular posts from this blog

අධ්‍යාපනය සම්බන්ධ සාමාන්‍ය දැනීම

  සාර්ක් විශ්ව විද්‍යාලය පිහිටි රට -ඉන්දියාව ශ්‍රී ලංකාවේ බෞද්ධ අධ්‍යාපනයට විශාල මෙහෙවරක් කල ඇමරිකානු ජාතික කාන්තාව - මාරි මියුසියස් ශ්‍රී ලංකාවේ ප්‍රථම පිරිවෙන - රත්මලානේ පරම ධම්ම චේතිය පිරිවෙන ශ්‍රී ලංකාවේ මුල්ම මධ්‍ය මහා විද්‍යාලය- මතුගම මධ්‍ය මහා විද්‍යාලය දේශීය විභාග ක්‍රමය ආරම්භ කල වර්ෂය- 1862 ටොරෙන්ටෝ විශ්ව විද්‍යාලය පිහිටා ඇත්තේ කුමන රටේද? කැනඩාව ශ්‍රී ලංකාවේ ප්‍රථම විදුහල්පතිනිය - අනුලා මැණිකේ උදලාගම මහත්මිය ශ්‍රී ලංකාවේ ප්‍රථම අධ්‍යාපන අමාත්‍යවරයා - C.W.W.කන්නංගර මහතා ළමා අධ්‍යාපනයේ පියා - ෆෙඩ්රික් නුගවෙල කොන්ගෝ රාජ්‍යයේ හිටපු අගමැතිවරයෙකු සිහිවීමට රුසියාවේ පිහිටවූ විශ්ව විද්‍යාලය කුමක්ද? ලුමුම්බා විශ්ව විද්‍යාලය විකිලීක්ස් වෙබ් අඩවියේ නිර්මාතෘ - ජුලියන් අසන්ජ් ගාල්ලේ පරම විද්‍යානාර්ථ සමාගම පිහිටුවීමට මුලිකත්වය ගත්තේ කවුද? හෙන්රි ස්ටීල් ඕල්කට් තුමා ගුරුවරුන් ඇගයීමට ලක් කරන සම්මාන උළෙල- ගුරු ප්‍රතිභා     පාසල් ළමයින්ට දිවා ආහාරය ලබා දීම ආරම්භ කල වර්ෂය - 1950 අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය තහවරු කල ලෝක සම්මුතිය කුමක්ද? 1...

සිංහල භාෂාව රාජ්‍ය භාෂාව බවට පත් කිරීමේ ඉතිහාසය

සිංහලය රාජ්‍ය භාෂාව කිරීමට මූලික හේතුව වූයේ එස්‌. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්‌ඩාරනායක මහතා බලයට පත්වීමයි. 1952 වසරේදී ආසන 54 දිනා බලයට පත් එක්‌සත් ජාතික පක්‍ෂ රජය තම නිල කාලයම බලයේ නොසිටියේය. ආර්ථිකයේ අර්බුදකාරී තත්ත්වයත් රබර් වැනි අපනයන ද්‍රව්‍යවල මිල පහළ වැටීමත් ගෙවුම් ශේෂ හිඟය ඉහළ යැමත් සහනාධාර කපා හැරීමට රජයට සිදුවීම නිසා රජයේ ජනප්‍රියත්වය පිරිෙ හන්නට විය. වර්ෂ 1953 දී හර්තාලය ඇතිවූ අතර පොලිස්‌ හා හමුදා වෙඩි පහරින් 9 දෙනෙකු මිය යැම නිසා කලකිරුණු ඩඩ්ලි සේනානායක මහතා අගමැති ධුරයෙන් ඉල්ලා අස්‌විය. ඉන්පසු අගමැති ධුරයට පත්වූයේ සර් ලයනල් ජෝන් කොතලාවල මහතායි.   සර් ජෝන් කොතලාවල මහතාටද විරෝධතා පැවැති අතර තමාට ලැබුණු අගමැති තනතුර ජනතා කැමැත්ත මත ලබා ගැනීමේ අරමුණෙන් නිල කාලය අවසන් වීමටත් පෙර මැතිවරණයකට යැමට අදහස්‌ කරමින් 1957 පැවැත්විය යුතු මහ මැතිවරණය 1956 දී පැවැත්වීමට තීරණය කළේය. ඒ අනුව 1956 පෙබරවාරි 18 දින පාර්ලිමේන්තුව විසුරුවා හැරියේය. මෙහිදී කොතලාවල මහතාගේ අරමුණ වූයේ විපක්‍ෂය නොසිතූ මොහොතක රජය විසුරුවා හැර නැවත බලයට පත්වීම වුවත් එවකට ජන ප්‍රසාදය දිනා සිටි බණ්‌ඩාරනායක මහතා න...

සාමාන්‍ය දැනීම ප්‍රශ්න හා පිළිතුරු 50

1.         . රජයේ ලියාපදිංචි කල මුල්ම පුවත්පත කුමක්ද ? ලක්මිණි පහණ “ ඒඩ්ස් ” රෝගය මුලින්ම සොයා ගත් වර්ෂය කුමක්ද ? 1981                       ජාත්‍යන්තර පොලිසියේ ප්‍රධාන කාර්යාලය පිහිටියේ කොහේද? ප්‍රංශයේ   කොළඹ-කටුනායක අධිවේගී මාර්ගයේ ඉදි කිරීම් කටයුතු සිදු කල සමාගම කුමක්ද? චීනයේ මැටලොජිකල් සමාගම   ලොව ප්‍රථම න්‍යෂ්ටික බලාගාරය පිහිටවුයේ කුමන රටේද? රුසියාව   ලෝක තරුණ සමුළුව මුලින්ම ඇරඹූයේ කුමන රටේද? මහා බ්‍රිතාන්‍යය   ප්‍රථම වරට නයිට් නාමයකින් ගෞරව ලැබූ ක්‍රිකට් ක්‍රීඩකයා කවුද? ඩොන් බ්‍රඩ්මින් F.B.I. ඔත්තු සේවය පවත්වාගෙන යන්නේ කිනම් රටකද ? ඇමරිකා එක්සත් ජනපදය සම්පුර්ණ චිත්‍රපටියම පරිගණක චිත්‍ර මගින් සැකසුනු ප්‍රථම හොලිවුඩ් චිත්‍රපටිය කුමක්ද? පයිනල් පැන්ටසි රුධිර කාණ්ඩකරණය ලොවට හදුන්වා දුන්නේ  කවුද? ඔස්ට්‍රියා වෛද්‍ය කාල් ලෑන්ඩ්ස් ශ්‍රී ලංකාවේ විවෘත විශ්ව විද්‍යාලය ආරම්භ කල වර්ෂය - 1980  ලොව විශාලතම මුස්ලිම් දේවස්ථානය පිහිටියේ කොහිද? ඉන්දියාවේ ජුමා මස්ජිඩ් ...